සති දෙකක් තුල සංචාරකයින් 39000ක් මෙරටට පැමිණේ !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මෙම ජනවාරියේ  මුල් දෙසතිය තුළ සංචාරකයන් 39,172 දෙනෙක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවත් ඉන් 6,963 ක් රුසියානු සංචාරකයන් බවත් සංචාරක අමාත්‍ය ප්‍රසසන්න රණතුංග මහතා සඳහන් කර සිටී

කොවිඩ් වසංගතය පැවති පසුගිය වසරක කාලය තුළ මෙරටට පැමිණි සංචාරකයන් 1,94,495 ක් ශ්‍රී ලංකාවට පැමිණී බව කී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඒ අනුව පසුගිය මාස තුනේදී පමණක් සංචාරකයන් 156,571 පැමිණ ඇති බව ද සඳහන් කළේය,

රුසියාවට අමතරව ඉන්දියාව, යුක්රේනය, එක්සත් රාජධානිය, ජර්මනිය, ප්‍රංශය, මාලදිවයින, ඕස්ටේ්‍රලියාව, පෝලන්තය සහ ඇමරිකාව වැනි රටවලින් වැඩි සංචාරකයන් පිරිසක් පසුගිය ෂති දෙක තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවත් සංචාක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය ඉලක්ක කරමින් රුසියාව, යුක්රේනය, එංගලන්තය, ජර්මනිය සහ ප්‍රංශය යන රටවල විශේෂ ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කළ බවත් අමාත්‍යවරයා කීය.

සංචාරකයන්ගේ පැමිණීම වර්ධනය වීමත් සමග එම ක්ෂේත්‍රයේ නිරතවූවන් මුහුණ පා සිටින ගැටළුවලට ද කිසියම් සහනයක් ලැබෙමින් තිබෙන බව පැවසූ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙරටට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව ඉහළ නංවාගැනීම සදහා රජය ගතහැකි සෑම පියවරක්ම ගනිමින් සිටින බව ද කීය.