සතුටින් සිටින රටවල් අතර ලංකාව අසතුටින්

Picture of අසංක

අසංක

ඒක්සත් ජාතීන්ගේ 2019 නවතම වාර්තාවලට අනුව ලොව තෘප්තිමත්ම රටවල් අතර ශ්‍රී ලංකාව 130 වන ස්ථානයට පත්ව තිබේ.

ලොව පුරා රටවල් 156ක් අතරින් ඇසුරින් සකස් කරන ලද වාර්තාවකින් (World Happiness Report) මේ බව අනාවරණය වී ඇත.

ලෝකයේ තෘප්තිමත්ම රට ලෙස ෆින්ලන්තය පළමු තැනටත්, දෙවැනි ස්ථානයට ඩෙන්මාර්කය ද තෙවැනි ස්ථානයට නෝර්වේ රාජ්‍යය ද පත්ව තිබේ.

රටක ඒකපුද්ගල ආදායම, සමාජ සහයෝගීතාව, ආයු අපේක්ෂාව, සෞඛ්‍යය සම්පන්න බව යනාදී නිර්ණායක කිහිපයක් මත පදනම්ව මෙම වාර්තාව සකසා ඇත.

මෙම වාර්තාවට අනුව දකුණු ආසියාතික රටවලින් ශ්‍රී ලංකාවට ඉදිරියෙන් පාකිස්ථානය 67 බවන ස්ථානයේද භූතානය 95 වැනි ස්ථානයේද බංග්ලාදේශය 125 වැනි ස්ථානයේද පසුවන අතර ශ්‍රී ලංකාවට පසුපසින් ඉන්දියාව 140 වැනි ස්ථානයේද පසුවෙයි.

මෙම වාර්තාවේ අවසන් ස්ථානය වන 156 වැනි ස්ථානට දකුණු සුඩානය පත්වී තිබේ.