නවතම පුවත්

“සතුරු බලවේග මෙන්ම කොවිඩ් පරාජයටත් ජාතියක් ලෙස නැගී සිටිනවා”- අගමැති නිදහස් දිනයේදී කියයි

අසංක

අසංක

සතුරු බලවේග පරාජය කිරීමට මෙන්ම කොවිඩ්‌ ~ 19 ගෝලීය වසංගතය පරාජය කිරීමට ද ශ්‍රී ලාංකේය ජාතියක්‌ ලෙස නැගී සිටින බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අදට යෙදෙන 73 වැනි නිදහස් දින පණිවිඩය නිකුත් කරමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය.

2021 පෙබරවාරි 04
නිදහස්‌ දින පණිවුඩය

ශ්‍රී ලාංකේය සියලු පුරවැසියන්‌ 73 චන ජාතික නිදහස්‌ දිනය සමරනු ලබන්නේ ඉමහත්‌ අභිමානයෙනි.

යටත්‌ විජිතයක්‌ බවට පත්‌ වූ දින පටන්‌ නිදහස දිනා ගැනීමට ලක්වැසියන්‌ කළ කැපවීම හා සටන්‌ ලෝක ඉතිහාසයේ නම්‌ දරා තිබේ.

යුද ශක්තිය මෙන්ම දේශපාලන, ආගමික හා සංස්කෘතික මුහුණුවරින්‌ ද උපක්‍රමික අරගලවල යෙදෙමින්‌ නිදහස දිනාගත්‌ අතීතයක්‌ ශ්‍රී ලාංකේය ජාතියට හිමිය.

අද වනවිට අපගේ මාතෘභූමියට අවශ්‍යව ඇත්තේ ලැබූ නිදහස අර්ථවත්‌ කර ගැනීමෙ ක්‍රියාවලියයි. ජාතීන්‌ අතර සමගිය වර්ධනය කර ගැනීම හා ආගමික සංහිඳියාව ඊට දක්වන්නේ ප්‍රබල පිටුබලයකි.

විවිධ අභියෝග හමුවේ දේශියත්වය අගයන ආර්ථික ප්‍රතිපත්තියක්‌ තුළින්‌ මාතෘ භූමිය සංවර්ධනය කරා ගෙනයාමේ මාවතට අප දැන්‌ ප්‍රවිෂ්ට වී තිබේ.

සෑම ක්ෂේත්‍රයකම සිදුවිය යුතු ප්‍රතිසංස්කරණ අවබෝධ කරගනිමින්‌ ජනතාව මත තැබූ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති මාලාවෙන්‌ නිදහස තවත්‌ අර්ථවත්‌ වනවිට “ඉසුරුමත්‌ හෙට දිනක්‌ – සෞභාග්‍යමත්‌ මව්බිමක්‌” යන්න යථාර්තයක්‌ වනු ඇත.

ඉතිහාසය පුරාවට මාතෘ භූමියට එරෙහි දෙස්‌ විදෙස්‌ බලවේග මෙන්ම ත්‍රස්තවාදය පරාජය කිරීමේ ස්ථීර ප්‍රතිපත්තියක අපි කටයුතු කළෙමු. කොතරම්‌ අභියෝග පැමිණිය ද අපගේ මාතෘ භූමිය අප කිසි
ලෙසකින්‌ පාවා දී නැත.

කොවිඩ්‌ – 19 දැන්‌ ලෝකය හමුවේ ඇති විශාලම අභියෝගයයි. ජනතාව මෙම අර්බුදයෙන්‌ නිදහස්‌ කරගැනීමේ සටනට අප දැන්‌ උර දී සිටී. සතුරු බලවේග පරාජය කිරීමට මෙන්ම කොවිඩ්‌ ~ 19 පරාජය කිරීමට ද ශ්‍රී ලාංකේය ජාතියක්‌ ලෙස අපි නැගී සිටිමු.

අපගේ මාතෘ භූමියේ භෞමික අඛණ්ඩතාව හා ස්වෛරීත්වය වෙනුවෙන්‌ ජීවිත පරිත්‍යාග කළ හා අපරිමිත කැපවීම්‌ කළ සියලු දෙනාටත්‌ වර්තමානයේ එම අභියෝගය හමුවේ නොසැලී කැපවන දෑහිතකාමී සියලු දෙනාටත්‌ මාගේ ගෞරවය පුද කරමි.

මගින්ද රාජපක්ෂ
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
අග්‍රාමාත්‍ය

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්