ස.තො.ස අලෙවි කරනු ලබන ආහාර ද්‍රව්‍ය එම මිලටම සෑම කුඩා නගරයකම පිහිටි සිල්ලර වෙළෙඳ සැලකටද ලබාදීමට රජය සැලසුම් කර ඇත .
මේ සඳහා විශේෂ වැඩපිළිවෙලක්ඩ සකස්පි කර අවසන් බවත් කඩිනමින් එය ක්‍රියාත්මක කෙරෙන බවත් ඇමති බන්ධුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටී .
ස.තො.ස වෙළෙඳ සැල් ප්‍රමාණවත් නොවන බව ජනතාව ඉදිරිපත් කරන පැමිණිලි නිසා සෑම කුඩා නගරයකම පිහිටි පෞද්ගලික වෙළෙඳ සැලක් තෝරා ගෙන, ඒවාට ස.තො.ස අලෙවි කරන ආහාර ද්‍රව්‍ය එම මිලටම අලෙවි කිරීම සඳහා ලබාදෙන බවද ඇමතිවරයා මාධ්‍ය වෙත පැහැදිලි කළේය ..