නවතම පුවත්

සතොස අලෙවිසල් දිගටම විවෘතයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර


පැතුම් වික්‍රමරත්න

කොවිඩ් -19 වසංගත තත්වය නිසා ඇති වී ඇති දැඩි ඛේදවාචකයේදී සියලුම සතොස අලෙවිසැල් විවෘත කර අත්‍යවශ්‍ය භාණ්ඩ ජනතාවට ලබාදීමට රජය පියවර ගනිමින් සිටින බව පසුගාමී ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ත්ව පාලන හා සුළු ආර්ථික බෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සදාසිවම් වියාලේන්දන් මහතා පැවසීය.

මේ බව පැවසූවේ මඩකලපුවේ සතොස අලෙවි සැල නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවයි.

ජනතාවගේ යහපත සඳහා රජය මැදිහත්වී ජනතාවට අත්‍යවශ්‍ය හාන්ඩ හිගයකින් තොරව ලබාදීමට කටයුතු කරන බවද මෙහිදී අමාත්‍යවරයා පැවසීය.

වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධනට ද තමා මේ සම්බන්ධයෙන් යෝජනා මාලාවක් ලබාදී ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

සමහර වෙළෙදුන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හංගමින් රජයත් ජනතාවත් අපහසුතාවට ලක්කිරීමේ කටයුතු වල නිරත වන බවද එම කටයුතු වලට ආණ්ඩුව ඉතා ශක්තිමත්ව මුහුණ දෙන බැවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වමින් පැවසීය.

මඩකලපුව සතොස අලෙවිසැලේ කාර්ය මණ්ඩලයටද උපදෙස් දෙමින් කිසිවිටකවත් ජනතාව අපහසුතා වලට ලක් නොකර අවශ්‍ය දේවල් ගබඩා කර පවත්වා ගෙන යායුතු බවත්, මොනම ගැටලුවකදී උවද තමාව දැනුවත් කරන ලෙසද දේශපාලන වශයෙන් කල හැකිදේ කරන බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්