අළුත් අවුරුදු කාල සීමාවේදී රුපියල් මිලියන 2,750 ක වාර්තාගත ආදායමක් ඉපැයීමට සතොස අලෙවිසැල් ජාලය සමත්ව ඇති බව වෙළඳ අමාත්‍යාංශය සඳහන් කර සිටී
සතොස ඉතිහාසයේ අලුත් අවුරුදු කාල සීමාව තුළ ඉපැයූ ඉහළම ආදායමද මෙය බව වෙළඳ අමාත්‍යාංශය මාධ්‍ය වෙත සඳහන් කර ඇත
භාණ්ඩ 27 ක මිල ස්ථායීකරණ වැඩසටහන හා සතොස සහන මල්ල ව්‍යාපෘතිය මේ සඳහා ඉවහල් වී ඇති බව ද අමාත්‍යාංශය සඳහන් කර ඇත
ඉකුත් වසරේ අලුත් අවුරුදු කාල සීමාවේදී සතොස අලෙවිසැල් ජාලය රුපියල් මිලියන 1,306 ක් උපයා තිබිණ .