නවතම පුවත්

පළාත් සභා මැතිවරණය කඩිනම් කරන්න – ඉන්දියාව අවධාරණය කර සිටී

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී  ලංකාවේ පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්විය යුතු යැයි ඉන්දීය රජය අවධාරණය කර සිටී

ඒ අනුව ශ්‍රී ලංකාවේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම ඇතුළු දේශපාලන අධිකාරියේ බලය බෙදා හැරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව කරන ඉල්ලීම්වලට  ඉන්දියාවේ සහාය හිමිවන බව  තමිල්නාඩුවේ ‘ඒ.අයි.ඒ.ඩී.එම්.කේ.’ පක්ෂ මන්ත්‍රී එම්. තම්බිදුරෙයි වෙත ලිපියක් යවමින් ඉන්දීය විදේශ ඇමැති එස්. ජයිශංකර් මහතා  සඳහන් කර ඇත  .

ශ්‍රී ලංකා ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනයට අනුකූලව, සියලු පළාත් සභා ක්‍රියාත්මක වීම සහතික කළ යුතු බව ද ඉන්දීය විදේශ කටයුතු ඇමැතිවරයා මෙම ලිපියේ  සඳහන් කර ඇත

ඉන්දියාවේ මෙම ස්ථාවරය ජිනිවා මානව හිමිකම් මණ්ඩලයේදී ද පැහැදිලි කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සිහිපත් කර දී ඇත.

එය ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ අපේක්ෂාවන්, සමානාත්මතාව, යුක්තිය, සාමය සහ ගෞරවනීයත්වය වෙනුවෙන් ඉන්දියාවේ කැපවීම පිළිබිඹු කරන්නක් බව ද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ලිපිය මගින්  පවසා ඇත.

දෙමළ ජනතාවගේ ගැටළුවලට විසදුම් සපයමින් සංහිදියා ක්‍රියාවලිය ඉදිරියට ගෙන යා යුතු බවත්, ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර ප්‍රජාව සමග ඵලදායී අන්දමින් කටයුතු කළ යුතු බවත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජායිශංකර් යැවූ ලිපියෙහි සදහන් වෙයි.

තම්බදුරෙයි මහතාගේ  ඒ.අයි.ඒ.ඩී.එම්.කේ පක්ෂය මෙවර තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණයට ඉදිරිපත් වී සිටින්නේ අගමැති මෝදිගේ භාරතීය ජනතා පක්ෂය සමඟ සන්ධානගතවය.

තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය පසුගිය 6 වැනිදා ආරම්භ විය. එය අදියර කීපයක් යටතේ පැවැත්වෙයි.

 

 

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්