හිටපු රේගු අධ්යක්ෂ ජනරාල් ජගත් විජේවීර සහ හිටපු අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් තාරක සෙනෙවිරත්න වහාම අත්අඩංගුවට ගෙන අධිකරණ ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නියම කළේය. අධිකරණය විසින් ඒම නියෝගය කරන ලද්දේ මුල්‍ය අපරාධ විමර්ශන ඒකකය වෙත ය.
අනුරාධපුරය සදහිරු සෑයේ තැන්පත් කිරීම සදහා රත්රන් බුදුපිළිමයක් නිර්මාණය කිරීමට රේගුව සතු කිලෝ 8ක රත්රන් ලබාදී සාපරාධී විශ්වාසය කඩකිරීම මත ඔවුන් දෙදෙනා මෙලෙස අත්අඩංගුවට ගැනීමට නියෝග කෙරිණි.
ඒ පිළිබද විමර්ශන ගොනු මුල්‍ය අපරාධ විමර්ශන ඒකකය හෙවත් එෆ්සීඅයිඩීය විසින් නීතිපති වෙත යවා ඇති අතර ඒ අනුව නීතිපතිවරයා විසින් අධිකරණයට කරුණු දැක්වීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය කර ඇත.