සනීපාරක්ෂක තුවා බදු අඩුකරන්න ජනපති නියෝග

Picture of අසංක

අසංක

ආනයනික සනීපාරක්ෂක තුවා සඳහා පනවා ඇති ගාස්තු සහ බදු අඩු කිරීමට ජනාධිපතිවරයා අදාළ පාර්ශව වෙත දැනුම් දී ඇති බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය අද (21) දින පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ඒ අනුව ආනයනික සනිපාරක්ෂක තුවා සඳහා දැනට පනවා තිබෙන වරාය ගුවන් සේවා සංවර්ධන බදු, සෙස් බදු සහ රේගු ගාස්තු මෙලෙස අඩු කිරීමට දැනුම් දී තිබේ.

මේ පිළිබඳ වන තීරණය ගැසට් කිරිමෙන් අනතුරුව සනීපාරක්ශක තුවා අලෙවිකරුවන්ට පැරණි මිල ගණන්වලටම අලෙවි කිරීමට සිදුවන බවත් රාජ්‍ය අමාත්‍යවරිය පෙන්වා දුන්නාය.

පාසල් දැරියන්ට රු. 150ක මිලකට සනීපාරක්ෂක තුවා මාස්පතා ලබා දීමට මෙරට දේශීය නිෂ්පාදකයෙකු මේ වන විට කැමත්ත පළ කර ඇති බව ද ඇය කීය.