නවතම පුවත්

සඳ ගමනට අදට අඩසියවසක් සපිරේ

අසංක

අසංක

මිනිසා ලද විශාලතම ජයග්‍රහණයක් ලෙස අදටත් පිළිගන්නා, සඳ මතට පා තබා අදට හරියටම අඩසියවසක් ගෙවී ගොසිනි.

1969 ජුලි 20 වැනිදා නීල් ආම්ස්ට්‍රෝන්, බස් ඕල්ඩ්‍රිං හා මයිකල් කොලින්ස් එම ජයග්‍රහණයේ ඓතිහාසික සලකුණු තබමින් අමෙරිකානු කොඩිය සඳ මත සිටුවීය.

සඳ ගමනට අඩසිය වසක් සමරමින් පසුගිය සතිය පුරාම අමෙරිකාවෙ මෙන්ම ලෝ පුරා විවිධ ස්ථානවල වැඩසටහන් රාශියක් පැවැත්විණ.

අද දිනයේත් නාසා ආයතන විසින් සජීවී වැඩසටහන් බොහොමයක් ද සංවිධාන කර ඇත.

සඳ ගමන සාර්ථක ඇපලෝ 11 යානයේ පිටත් වීම ඇතුළු එම පරිපූර්ණ අත්දැකීම අහසට විහිදුණු පුළුල් තිරයක් ඔස්සේ වොෂින්ටනයේදී විඳගන්නට නාසා ආයතනය කටයුතු කර තිබේ.

සඳ පිළිබඳ අතීත කතාවේ සිට අනාගතය දක්වා ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරු දීමට නාසා ආයතන වෙබ් අඩවිය ඔස්සේ අද පහසුකම් සලසා තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්