නවතම පුවත්

සපුගස්කන්ද පිරිපහදුවේ වැඩ ඇනහිටියේ ආණ්ඩුවේ වැරදි නිසාද ?

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

පිරිපහදු කිරීම සදහා බොරතෙල් තොග නොමැතිවීම හේතුවෙන් සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ කටයුතු අද සිට නතර කිරීමට සිදුව ඇත්තේ ආණ්ඩුවේ දුර්වල තීරණ හේතුවෙන්වන  බවට  ඛනිජ තෙල් වෘත්තීය සමිති චෝදනා කර සිටී .

සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ කැදවුම්කරු ආනන්ද පාලිත පැවසුවේ මේ හේතුවෙන් භූමිතෙල් සහ කර්මාන්ත ශාලා සදහා අවශ්‍ය දැවි තෙල් සැපයීම ඇණහිටින බවයි.

සපුගස්කන්ද තෙල් පිරිපහදුව මගින් ඉන්ධන මෙටි්‍රක් ටොන් 4,600 ක් දෛනිකව පිරිපහදු කෙරෙන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. පවතින තත්ත්වය හේතුවෙන් එම ඉන්ධන ප්‍රමාණය වෙනුවට පිරිපහදු කළ ඉන්ධන වැඩි මිලකට ආනයනය කිරීම හේවෙන් මෙරට ඩොලර් අර්බුදය තවත් උග්‍ර වන බවත් ආනන්ද පාලිත වැඩිදුරටත් පෙන්වා දුන්නේය .

මේ අතර හිගයකින් තොරව ඉන්ධන ලබාදීම සදහා ඉන්ධන තොග පවතින බව ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සභාපති මොහොමඩ් උවයිස් මොහොමඩ් මාධ්‍ය වෙත පැවසීය . ඩීසල් තොග දින 10 ත් 12 ත් අතර කාලයකට ප්‍රමාණවත් පරිදි සහ පෙට්්‍රල් තොග දින 18 ත් 20 ත් අතර කාලයකට ප්‍රමාණවත් පරිදි රට තුළ පවතින බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේය .

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්