සබීතාගේ බිල්ඩිමට නගර සභාවෙන් දීපු අනුමැතිය නීත්‍යානූකූල නෑ – මධුර

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කෘෂිකර්ම අමාත්‍යංශය සඳහා බදු පදනම මත ලබාගත් ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාව දී ඇති අනුමැතිය නීත්‍යානුකූල නොවන බව එහි වත්මන් නගරාධිපති මධුර විතානගේ මහතා අනාවරණ කර ඇත.

පසුගිය සිව්වසරේ රාජ්‍ය ආයතනවල වංචා හා දූෂණ විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසමේ විශේෂ පොලිස් ඒකකය හමුවේ ඊයේ (19) ප්‍රකාශයක් ලබා දෙමින්විතානගේ මහතා මේ බව සඳහන් කර ඇත..

අදාළ ගොඩනැගිල්ල ඉදිකර ඇති ඉඩම සම්බන්ධයෙන් කොළඹ දිසා අධිකරණය හමුවේ බෙදුම් නඩුවක් පවතින බවත් ඒ හේතුවෙන් එය ඉදිකිරීමට හිටපු නගරාධිපතිවරයාදී ඇති අනුමැතිය නීත්‍යානුකූල නොවන බවත් නගරාධිපතිවරයා විසින් ප්‍රකාශ කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අද (20) දින මෙම ජනාධිපති කොමිසම හමුවට කැඳවීමට නියමිතය .