නවතම පුවත්

සබුද්ධි කාව්‍ය උළෙලේ කාව්‍ය සම්මානය සෙත්මිණි දිලේකාට…

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සබුද්ධි කාව්‍ය උළෙලේ කාව්‍ය සම්මානය සෙත්මිණි දිලේකාට…

සබුද්ධි කාව්‍ය උළෙලේ නිර්මාණ තරගය ජයග්‍රහණය කළ කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ සෙත්මිණි දිලේකා 2023 කාව්‍ය සම්මානය දිනා ගත්තා. වසරේ සබුද්ධි කාව්‍ය රන් සම්මානයෙන් පිදුම් ලැබුවේ සාහිත්‍යවේදී සඳුන් ජයවර්ධන විසින්. සබුද්ධි කාව්‍ය ඇගයීම් සම්මානය රාජ්‍ය සම්මානිත චිත්‍ර හා මූර්ති ශිල්පී, සාහිත්‍යවේදී සුදත් අබේසේකරට පිරිනැමුණා.

කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේ දී පසුගිය ඉරිදා (19) පැවැති 2023 සබුද්ධි කාව්‍ය උළෙල සංවිධානය කළේ සබුද්ධි සාහිත්‍ය කවය විසින්. සබුද්ධි කවිකතා සංවාදයේ ස්වර්ණ ජයන්තිය සැමරීම ද මෙහි දී සිදු කෙරුණා. රාජ්‍ය සම්මානිත කිවිවර රංජිත් මල්ලියාවඩු, දේවී ගාල්ලගේ, අශෝක කුලතුංග, සෞම්‍ය සඳරුවන්, පරාක්‍රම ඒකනායක, මහේන් සූරී, සිසිර ගමගේ යන සාහිත්‍යවේදීන් ප්‍රධාන ආරාධිතයින් ලෙස සම්මාන උළෙලට එක් වුණා. සබුද්ධි සභාපති තමීර මංජු, සබුද්ධි අධ්‍යක්ෂ තුෂාන් නිසංසල, සබුද්ධි සාහිත්‍ය කවයේ නව විධායක අධ්‍යක්ෂ කමල් සේනාරත්න, ජාතික සංවිධායක සුප්‍රි සමරසිංහ, ක්‍රියාකාරී අධ්‍යක්ෂ ඉරෝෂිණී ගල්හේන, ජ්‍යේෂ්ඨ අනුශාසක අජිත් යූ. ඇතුගල, විධායක සාමාජික පැතුම් වික්‍රමරත්න යන මහත්ම මහත්මීන් ද එම අවස්ථාවට එක් වුණා. කවි උළෙලේ ප්‍රධාන සංවිධායක වූයේ සාහිත්‍යවේදී සුප්‍රි සමරසිංහ. ජූරි මණ්ඩලයේ සභාපති ලෙසින් කිවිවර රංජිත් මල්ලියාවඩු මහතා කටයුතු කළා.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්