සමගි ජන බලවේගය අද කොළඹදී..

Picture of අසංක

අසංක

සමගි ජන බලවේගය විසින් අද (15) “රට විනාසයි පෙරට එන්න මැයෙන්” සංවිධානය කරනු ලැබූ දැවැන්ත විරෝධතාවයට දිවයිනේ නන්දෙසින් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් පැමිණ සිටියහ.

අද දින ගමනාගමන කටයුතු සඳහා බරපතළ ලෙස උද්ගතව තිබූ ඉන්ධන ප්‍රශ්නය තුළ පවා සියල්ල විඳ දරා ගනිමින් ආණ්ඩුවට එරෙහි ජනතා විරෝධතාවයට ලක්ෂ ගණන් පැමිණ සිටිනු දැකිය හැකි විය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම විරෝධතාවයට සමගි ජන බලවේගය නියෝජනය කරමින් එහි නායකයින් මෙන්ම ඊට අනුබද්ධ සංවිධාන නියෝජනය කරමින් විශාල පිරිසක් එක්ව සිටියහ.