සමන් ලාල්, ලබන මස 11 දින දක්වා රිමාන්ඩ්

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

රාජ්‍ය නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු ලබන මස 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
නගරාධිපතිවරයා අද (28) පෙරවරුවේ අත්අඩංගුවට පත් වූයේ, මොරටුව ප්‍රදේශයේ පැවති එන්නත්කරණ වැඩපිළිවෙළක නිරත වූ වෛද්‍යවරියක ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

ඒ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත නගරාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක වෙමින් පැවතියදී ඔහු අද පොලිසියට භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබිණ.