සම්පායෝ අත්අඩංගුවට ගැනීම ගැන මීගමුව OIC ගැනත් විමර්ශනයක් ඇරඹේ

Picture of අසංක

අසංක

මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට එරෙහිව විශේෂ විමර්ශන ඒකකය මගින් විමර්ශනයක් අරඹා තිබේ.

ඒ ඒ වැඩ බලන පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතාගේ නියෝගය මතයි.

මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අධිකාරි අනුරුද්ධ සම්පායෝ අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පවතින වීඩියෝ දර්ශන හා ඒ පිළිබඳ මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා විසින් වාර්තා කරන ලද කරුණු අතර පවතින පරස්පරතා හේතුවෙන් මෙම විමර්ශනය අරඹා තිබේ.

නීතිපතිවරයා විසින් ද මෙම වීඩියෝ දර්ශන පිළිබඳ විවේචනාත්මක කරුණු දැක්වීමක් ඊයේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.