නවතම පුවත්

සමාජයට බෝවන අවදානමක් නැති ආසාදිතයින් රෝහලට

අසංක

අසංක

කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු කර ගන්නා රෝගීන් අතරින් වෛරසය සමාජයට බෝවීමේ අවධානමක් නොමැති පුද්ගලයින් තෝරාගෙන, ඔවුන්ව දින 14ක් රෝහල් ගත ප‍්‍රතිකාර ලබාදීමෙන් පසු සිය නිවෙස් වෙත පිටත්කර යැවීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව මෙලෙස නිවෙස් වෙත පිටත් කර හරිනුයේ කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන රෝගීන් වන අතර එවැනි රෝගීන් ආසාදිත බවට තහවුරු වී දින 14ක් රෝහල්ගතව ප‍්‍රතිකාර ලැබීමෙන් පසු යළිත් පී සී ආර් පරීක්ෂණයක් සිදු කිරීමකින් තොරව සිය නිවෙස් වෙත පිටත්කර හරිනු ඇත.

මීට පෙර සිදුවූයේ දින 14ක් ගතවීමෙන් පසුවද එම රෝගීන්ගෙන් දිගින් දිගටම පී සී ආර් පරීක්ෂණ සිදු කරමින් කොරෝනා වෛරසය ශරීරයේ නොමැති බවට අවසන් පරීක්ෂණ වාර්තා දෙකෙන් තහවුරු වන තෙක් ඔවුන් රෝහල්ගතව තැබීමය.

මෙම ක‍්‍රමවේදය තුළින් එවැනි පුද්ගලයින්ට අනවශ්‍ය ලෙස රෝහල්ගතව සිටීමට සිදු වීම වැළැක්විය හැකි බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා මාධ්‍ය වෙත පැවසීය.

කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු කර ගන්නා රෝගීන්ගෙන් වෛරසය සමාජයට බෝවීමේ අවධානමක් නොමැති, බවත් ගුණවර්ධන මහතා මෙහිදී පැවසීය.

කෙසේ වෙතත් එම පුද්ගලයින්ට රෝහලෙන් පිටවූ පසු නිවසේ යලි දින 14ක් නිරෝධායනය වීම අනිවාර්ය කර ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්