නවතම පුවත්

සමාජ මාධ්‍ය හේතුවෙන් වැඩිවන මානසික ආතතිය ගැන ඇමෙරිකානු සෙනෙට් සභාවත් අවධානයෙන් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ෆේස්බුක් ආයතනයේ ප්‍රධානීන් ව අමෙරිකාවේ සෙනෙට් මණ්ඩලය ඉදිරියට කැඳවා “එම සමාගමේ සමාජ මාධ්‍ය මෙවලම්” තරුණ තරුණියන්ගේ මානසික සෞඛ්‍ය සඳහා බලපෑම් කරන ආකාරය පිළිබඳව කරුණු විමසීමක් මේ වනවිට අරඹා තිබේ.

ඒ අනුව ෆේස්බුක් සමාගමේ “ආරක්ෂාව පිළිබඳ ප්‍රධානී” ඇන්ටිගොනී ඩේවිස් ව ඊයේ සෙනෙට් මණ්ඩල කමිටුවක් ඉදිරියට කැඳවා ප්‍රශ්නකර තිබුණි.

එහිදී සෙනෙට් සාමාජිකයින් ෆේස්බුක් සමාගම තරුණ තරුණියන්ව ඉලක්ක කර ගනිමින් සීමාව ඉක්මවා කටයුතු කරන බවට දැඩි ලෙස චෝදනා කර ඇත.

විශේෂයෙන් ම එම සමාගම සිදුකර තිබූ අභ්‍යන්තර පර්යේෂණයකින් හෙළිවී තිබුණේ ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය මෙවලම හේතුවෙන් යෞවනියන්ට අතිශය බරපතළ බලපෑම් සිදුව ඇති බවය.

ඒ පිළිබඳව සෙනෙට් සාමාජිකයින් පෙන්වා දී ඇත්තේ ෆේස්බුක් ආයතනය එම පර්යේෂණ වාර්තාවෙන් හෙළිවූ කරුණු පවා නොසලකා හැර ඇති බවය.

ගැහැණු ළමුන් අතර මානසික ආතතිය වර්ධනයවීමට ඉන්ස්ටග්‍රෑම් හේතුවී ඇති බව සෙනෙට් මණ්ඩල සාමාජිකයින් පෙන්වා දී තිබුණි

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්