නවතම පුවත්

සමුද්‍රදේවියට නවක සිසුන් ඇතුළත් කිරීම උත්සවාකාරයෙන් සැමරේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

නුගේගොඩ සමුද්‍රදේවි බාලිකා විද්‍යාලයයේ 2024 වර්ෂය සඳහා පළමු ශ්‍රේණියට නවක දරුවන් ඇතුළත් කිරීමේ නිල උත්සවය 2024.02.22 දින පැවැත්වුණා. ඒ ගංගොඩවිල වනාත පාර යන ලිපිනයේ පිහිටි එම විද්‍යාලීය, ප්‍රාථමික අංශයේ දී. විද්‍යාලීය විදුහල්පති එන්.පී සුරේකා සිරිවර්ධන, ශ්‍රි ජයවර්ධනපුර කලාපයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂක පාලන- මෙත්සිලා රත්නායක, නුගේගොඩ කොට්ටාශ අධ්‍යාපන අධ්‍යක්ෂක ධම්මි සුජීවනී කොඩිකාරආරච්චි යන මහත්මින්ගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වූ අතර, කලාපීය අධ්‍යාපන කාර්යාලයේ නිලධාරීන් , ගුරුවරුන්, දෙමාපියන් සහ විද්‍යාලීය දරුවන් විශාල පිරිසක් ඊට එක්ව සිටියා.

පාසල් ජීවිතයට එළඹෙන දියණියන්ගේ දෙවැනි සංවර්ධන අවධිය පාසල තුළින් අරඹන්නත්, දරුවාගේ අනාගතය සුරක්ෂිත කර, රටට වැඩදායි පිරිසක් බිහි කරන්නට සමුද්‍රදේවි බාලිකා විද්‍යාලය නිරන්තරයෙන් කැපවී සිටිනවා. අප ජීවත්වන ලෝකයට වඩා අපේ දරුවන්ට, හෙට දවසේ විවර වන ලෝකය යහපත් කිරීම, ක්‍රියාත්මක වන වැඩසටහන්වල අරමුණයි.

මූලික අධ්‍යාපන අවධිය ගත කරන දරුවන්ට, පාසල තුළ සතුටු හා ප්‍රියජනක ලෙස ගතකිරීමට අවශ්‍ය ශක්තිමත් අඩිතාලමක් දැමීමටත්, නිරීක්ෂණය හා ගවේෂණයට පෙළඹවෙන ස්වයං ඉගෙනුම සඳහා වැඩසටහන් රැසක් විද්‍යාලය තුළ ක්‍රියාත්මක කරනවා.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්