නවතම පුවත්

සමුද්‍රීය හා වෙරළ පරිසරය රැකගන්න SLYCAN Trust සහ MEPA අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි

අසංක

අසංක

වෙරළ පරිසර පද්ධති සංරක්ෂණය, ප්‍රතිස්ථාපනය සහ නිල් ආර්ථිකයක් වෙනුවෙන් ඉලක්කගත අරමුණකට ඒකාබද්ධව ක්‍රියාත්මකවීමට අදාළව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) සහ ස්ලයිකැන් භාරය (SLYCAN Trust) පසුගිය 15වැනි දා කොළඹ දී අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුවේ ය.

ශ්‍රී ලංකාවේ සමුද්‍රීය හා වෙරළබඩ පරිසර පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීම, විශේෂඥ තාක්ෂණික දැනුම බෙදා හදා ගනිමින් සහයෝගතයෙන් යුතුව මෙම පරිසර පද්ධතිය ආරක්ෂා කිරීමට සියලු උත්සාහයන් යෙදවීම ද මෙම ගිවිසුමට අයත් වේ.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය වෙනුවෙන් එහි සභාපතිනි නීතිඥ දර්ශනී ලහදපුර මහත්මිය සහ ස්ලයිකැන් භාරය වෙනුවෙන් එහි විධායක අධ්‍යක්ෂිකා නීතිඥ වොසිතා විජේනායක මහත්මිය ඊට අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූහ.

වෙරළබඩ හා සමුද්‍රීය ආරක්ෂණය සහ අපද්‍රව්‍ය කළමනාකරණය සැලසුම් කිරීමේ වැඩමුළුවක් කොළඹ, කොල්ලුපිටිය, මූව්එන්පික් හෝටලයේ දී (Mövenpick Hotel) පැවැති අවස්ථාවේ මෙම ගිවිසුම්ගතවීම සිදු විය.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සහ ස්ලයිකැන් භාරය අතර දැනට පතතින අඛන්ඩ සහයෝගීතාව ඒකාබද්ධව ඉදිරියට ක්‍රියාත්මක කරන අකාරය පිළිබදව රාමුගත සම්මුතියකට එළැඹීම මෙහි විශේෂත්වයකි.

දේශගුණික ක්‍රියාකාරකම්, පරිසර පද්ධති සංරක්ෂණය, අපද්‍රව්‍ය කළමනාකරණය, නිල් ආර්ථිකය, වෙරළබඩ ජීවනෝපාය සංවර්ධනය සහ සමුද්‍රීය අංශයට අදාළ ක්‍රියාකාරකම් පිළිබඳ විශේෂඥ දැනුම හුවමාරුව සහ ඒකාබද්ධ ක්‍රියාකාරකම් වැඩි දියුණු කිරීම මෙමගින් අපේක්ෂිතය.

මෙම අවස්ථාවට එක්වු සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි නීතිඥ දර්ශනී ලහදපුර මහත්මිය අදහස් දක්වමින් “2021 වසරේ සමුද්‍රීය හා පරිසර ආරක්ෂණය වෙනුවෙන් සාමූහිකව ක්‍රියාත්මක වීම සදහා රජයේ අධිකාරියක් වන MEPA සහ SLYCAN Trust අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමට හැකිවීම සතුටට කරුණක් යැයි” පැවසුවාය.

කොවිඩ්-19 අර්බුධය අභියෝගයක් කර නොගෙන සැලසුම් කළ ක්‍රියාකාරකම් ගණනාවක් පසුගිය කාලයේ දී ස්ලයිකැන් භාරයේ සහාය ඇතිව ඒකාබද්ධව කරගෙන ගිය බව ද ඇය මෙහි දී සිහිපත් කළා ය.

ආයතන දෙකක් හොද සහයෝගයෙන් සහ තරගකාරීත්වයකින් තොරව ක්‍රියාකාරකම්වල නිරතවීමට අදාළ ව මෙය කදිම උදාහරණය කි.

සෞභාග්‍යමත් දේශයක් වෙනුවෙන් රජය ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති මාලාව යටතේ නිල් ආර්ථිකයට වඩා වැඩි අවධානයක් යොමු වී තිබේ. ශ්‍රි ලංකාව නිල් ආර්ථිකයේ කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීම වෙනුවෙන් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය වෙහෙසවෙයි.

ස්ලයිකාන් භාරය සමඟ ඇතිකර ගත් මෙම හවුල්කාරිත්වය ආයතන දෙකට මෙන්ම විශාල වශයෙන් රටටත් ජයග්‍රාහී විසඳුම් අවසානයේ ලබා දෙනවා”

වෙරළබඩ පරිසර පද්ධතිය අදාළ වෙරළ පිරිසිදු කිරීම, පාර්ශවකරුවන් සහ ප්‍රජා උපදේශන, වැඩමුළු, සම්මන්ත්‍රණ සහ අවධානය යොමුවිය යුතු අංශවලට අයත් සමුළු, කඩොලාන හා කොරල් පර ආරක්ෂා කිරීම හා ප්‍රතිස්ථාපනය, අපද්‍රව්‍ය කළමනාකරණය ඇතුළු ක්ෂේත්‍ර රැසක් ඔස්සේ මෙම සහයෝගීතා ක්‍රියාකාරකම් සිදුවනු ඇත.

නිල් ආර්ථිකය උදෙසා පර්යේෂණ ක්‍රියාත්මක කිරීම, ධාරිතා වර්ධනය, දැනුවත්භාවය ඇති කිරීම සහ වෙනත් ක්‍රියාකාරකම් ඔස්සේ රටේ වෙරළ හා සමුද්‍රීය පරිසර පද්ධතිය ආරක්ෂා කිරීම, පුනරුත්ථාපනය, ප්‍රතිස්ථාපනය මෙම පාර්ශව දෙකේ අරමුණයි.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරි ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ වසර දෙකක කාලයක සිට ස්ලයිකැන් භාරය සමග පැහැදිලි අරමුණක් හා වැඩ සැලැස්මක් ඇතිව කටයුතු කරන බවයි.

සෑම විටම විනිවිදභාවයෙන් කටයුුතු කරන ස්ලයිකැන් භාරය, ඉතිහාසය පුරා පැහැදිලි හා ස්ථීර ප්‍රතිඵල ලබා දීමට කටයුතු කර තිබෙනවා. ඒ නිසා මෙම උපාය මාර්ගික ගිවිස ගැනීම දෙපාර්ශවයටම ශක්තිමත්ව අනාගතය වෙනුවෙන් වඩා හොද ප්‍රතිඵල ලබාදීමට ඉවහල්වනු ඇතැයි අපට විශ්වාසයක් තිබෙනවා.

වෙරළ බඩ ප්‍රජාවන්ගේ අභිවෘද්ධිය සඳහා අඛන්ඩව කටයුතු කිරීමට ස්ලයිකැන් භාරයේ සහයෝගය ලැබෙනු ඇතැයි විශ්වාස කරනවා යැයි ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා පැවැසීය.

ස්ලයිකැන් භාරය වෙනුවෙන් එහි විධායක අධ්‍යක්ෂිකා නීතිඥ වොසිතා විජේනායක මහත්මිය අදහස් පළ කළාය.

වෙරළ හා සමුද්‍රීය පරිසරය ආරක්ෂා කිරීමට අදාළ ජාතික සහ ජාත්‍යන්තර ක්‍රියාවලියට දායකවීම සදහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සමග ස්ලයිකැන් භාරය ඉදිරියට කටයුතු කරනවා.

ඉටුකරනු ලබන කාර්යයන් වඩා ප්‍රතිඵලදායී හා දියුණු මට්ටමට ගෙනඒම සදහා ස්ලයිකැන් භාරය සෑම විටම රාජ්‍ය ආයතන සමග ඒකාබද්ධවෙමින් ජාතික ප්‍රමුඛතාවන්ට මුලිකත්වය දී කටයුතු කරයි.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සමග කටයුතු කිරීමෙන් වෙරළබඩ හා සමුද්‍රීය පරිසර පද්ධති සංරක්ෂණය හා ප්‍රතිස්ථාපනයට දායකවීමටත් ප්‍රජාවගේ ජීවනෝපායන් වැඩි දියුණු කිරීමටත් අපට අවස්ථාව උදා විය.

ඒ නිසා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සමග වෙනදාටත් වැඩි වේගවත් හා කාර්යක්ෂම ක්‍රියාවලියක් ඔස්සේ ක්‍රියාකාරකම්වල නිරතවීමට අපි බලාපොරොත්තු වෙමු යැයි නීතිඥ වොසිතා විජේනායක මහත්මිය පැවසුවාය.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය 2008 අංක 35 දරණ සමුද්‍ර දූෂණය වැළැක්වීමේ පනත යටතේ ශ්‍රී ලංකාවේ සමුද්‍රීය පරිසර දූෂණය වැළැක්වීම, පාලනය කිරීම සහ කළමනාකරණය කිරීම සදහා පිහිටුවා තිබෙන අර්ධ රාජ්‍ය ආයතනයයි. මෙම ආයතනය නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වේ.

ස්ලයිකැන් භාරය ලාභ අපේක්ෂා නොකරන පරේයේෂණ ආයතනයක් (Think Tank ) ලෙස දේශගුණ විපර්යාස, අනුවර්තනය හා ඔරොත්තුදීමේ හැකියාව, තිරසාර සංවර්ධනය, පරිසර සංරක්ෂණය, ප්‍රතිස්ථාපනය, සමාජ සාධාරණත්වය සහ සත්ත්ව සුබසාධනය වෙනුවෙන් කටයුතු කරයි.

නීති හා ප්‍රතිපත්තිවලට අදාළ පර්යේෂණ, අධ්‍යාපනික සහ දනුවත් කිරීම්, ධාරිතා වර්ධනය හා පුහුණුවීම් මෙන්ම බිම් මට්ටමේ ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීම ස්ලයිකැන් භාරයේ ක්‍රියාකාරකම් අතර වේ.

එමෙන්ම සැමට තිරසර අනාගතයක් වෙනුවෙන් බහු පාර්ශවකරුවන්ට පහසුකම් සැලසීම හා මෙහෙයවීමත් සහභාගීත්ව ක්‍රියාකාරකම්වල නිරතවීමත් ස්ලයිකැන් භාරයේ අරමුණකි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්