සමෘද්ධිලාභී පවුල් විසිතුන් ලක්ෂයටම , ලබන අඟහරුවාදා (31) වනවිට, රුපියල් 5000ක දීමනාව ගෙවා අවසන් කරන බව කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේදී ජනජීවිතය යථාපරිදි පවත්වාගෙන යාම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටී.
එසේම එළඹෙන 01 වන බදාදා සිට තවත් කණ්ඩායම් තුනකට මුදල් ලබාදීමට කටයුතු කරන බවද රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත පැවසීය.
එහිදී වැඩිහිටි දීමනාවට සුදුසුකම් ලබ දීමනාව නොදී පොරොත්තු ලේඛනයේ සිටි පුද්ගලයින්ට මෙන්ම ආබාධිත දීමනාවට සුදුසුකම් ලබා පොරොත්තු ලේඛනයේ සිටින්නන්ට මෙම දීමනාව ලැබෙන බව ඔහු සඳහන් කළේය.