නවතම පුවත්

සයිනොපෙක් දෙවන ඉන්ධන තොගය අද පැමිණේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

චීනයේ සයිනොපෙක් සමාගමේ දෙවන ඉන්ධන තොගය අද (02) මෙරටට රැගෙන ඒමට නියමිතව තිබේ.

සයිනොපෙක් පළමු ඉන්ධන තොගය පසුගියදා දිවයිනට පැමිණි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පැවසීය.

ඉන්ධන පිරවුම්හල් අලෙවිකරුවන් සමග ගිවිසුම් අත්සන් කිරීමෙන් අනතුරුව සයිනොපෙක් සමාගම දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් 150ක් සමඟ මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිතව තිබේ.

සයිනොපෙක් සමාගම සෘජුවම විදේශ විනිමය වැය කරමින් මෙරටට ඉන්ධන තොග ගෙන එන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

ඒ හේතුවෙන් මෙරට දේශීය මුල්‍යායතනවලට ගැටලුවක් ඇති නොවන අතර මාස 12ක මූල්‍ය පහසුකම් සහිතව මෙම ඉන්ධන තොග ඔවුන් මෙරටට ගෙන ඒමට නියමිත බව සඳහන්ය.

මෙරට චීන තනාපති කාර්යාලය ටිව්ටර් සටහනක් තබමින් පවසන්නේ ඉන්ධන මෙට්‍රික්ටොන් 45,000 ක් සයිනොපෙක් සමාගම මඟින් පළමු තොගය ලෙස මෙරටට රැගෙන ආ බවය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්