නවතම පුවත්

‘සයිනොපෙක්’ ලබන මස සිට, තෙල් පිරිපහදු වෙළඳපොළටත් පිවිසෙයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සයිනොපෙක් සමාගම විසින් මෙරට ඉන්ධන වෙළෙඳපොළ වෙත නිල වශයෙන් ප්‍රවේශ වීම සැමරීම සඳහා දේශිය බෙදාහැරීම් නියෝජිතයන් වෙනුවෙන් උත්සවයක් ඊයේ (25) කොළඹ දී පවත්වන ලදි.

මේ අවස්ථාවට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා සහ සයිනොපෙක් සමාගම යටතේ ක්‍රියාත්මක දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් 150ක නියෝජිතයෝ ද එක් ව සිටියහ.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ ලබන මස සිට සයිනොපෙක් සමාගම තෙල් පිරිපහදු වෙළඳ පොලටද එක්වනු ඇතැයි අපේක්‍ෂා කරන බවයි .

මෙහි දී අදහස් දැක්වූ සයිනොපෙක් ආයතනයේ විධායක අධ්‍යක්ෂ යැන්ග් ජුන්සේ,මහතා

”සයිනොපෙක් ශ්‍රී ලංකාවට තිරසාර සහ ශක්තිමත් තෙල් සැපයුමක් සහතික කිරීමට, විශ්වාසයෙන්, හැකියාවෙන් මෙන්ම අත්‍යවශ්‍ය තරගකාරීත්වය සහිත ව කටයුතු කළ හැකි සමාගමක්. අපි අපේ දැනුම සහ විශේෂඥතාවයන් දේශීය තත්ත්වයන් යටතේ ශ්‍රී ලංකා වෙළෙඳපොළ ඉල්ලුම සපුරාලීම සඳහා බෙදාගන්න කැමැත්තෙන් පසුවනවා. අපි ජාත්‍යන්තර වශයෙන් තෙල් නිෂ්පාදන ස්ථාවර සැපයුමකින් පවත්වාගෙන යාමට කැපී පෙනෙන සමාගමක් බව කිව යුතුයි. ඉහළම ප්‍රමිතියේ තෙල් නිෂ්පාදන ශ්‍රී ලංකා වෙළෙඳපොළට විවිධ මූලාශ්‍ර ඔස්සේ සැපයීම අපිට සහතික කළ හැකියි. මෙම නව ජවසම්පන්න සහයෝගීතා තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජයීය ප්‍රගතිය නියත වශයෙන් දීප්තිමත් අනාගතයක් කරා රැගෙන යාමට සමත් වෙිවි”

මෙහි දී අදහස් දැක්වූ සයිනෝපෙක් එනර්ජි ලංකා පෞද්ගලික සමාගමේ සාමාන්‍යාධිකාරි වැන්ග් හයිනි මහත්මිය ,

”ස්ථාවර, තිරසාර ඉහළ ප්‍රමිතියේ තෙල් සැපයුමක් සිදු කිරීම සඳහා අප ප්‍රතිඥාවක් ලබා දී තිබෙනවා. පසුගිය මාසය තුළ දී අප බලාපොරොත්තු වූ පරිදි අපේ සියලුම වරලත් පිරවුම්හල් සඳහා තෙල් සැපයුම ඔක්තෝබර් මාසය වනවිට සපුරාලීමට අපේක්ෂා කරනවා. අපේ බෙදාහරින්නන් විවිධාංගීකරණය වූ පුළුල් ප්‍රවේශයක් සහිත ප්‍රායෝගික විසඳුම් සැපයීමට සූදානම්. දේශීය අවශ්‍යතාවන්ට සරිලන පරිදි වාහන යෙදීම, අලුත්වැඩියාවන්, නඩත්තු කිරීම, කුඩා අලෙවිසැල්, මූල්‍ය සේවාවන් මෙන්ම සංචාරක උපදේශන සමඟ අප සියල්ලන්ට වඩාත් යහපත් දිවියක් බලගැන්වීමට අප සූදානම්”

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි