සර්වාගමිකයන් සැමරූ මෙවර වෙසක් සැමරුම

Picture of අසංක

අසංක

දම්පත් රණසිංහ

පසුගිය දිනවල රටේ පැවැති තත්ත්වය හමුවේ මෙවර වෙසක් පොහොය අපේක්ෂා කළ මට්ටමටත් වඩා හොඳින් ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරමින් සැමරීමට හැකිවූ බව ආරක්ෂක අංශ පවසයි.

විහාරස්ථානවල මෙන්ම සෑම ප්‍රදේශයකම පාහේ දැඩි ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ බවද ඔවුහු පෙන්වාදුන්‍හ.

ඉතා සාමකාමී අයුරින් සැමරුණු මෙවර වෙසක් උත්සවය බෞද්ධ ජනතාව පමණක් නොව කිතුණු බැතිමතුන් ද සමරණු දක්නට හැකිවීම විශේෂත්වයකි.

එමෙන්ම මුස්ලිම් ජනතාව ද මෙවර වෙසක් පොහොය නිමිත්තෙන් ආගමික වතාවත් සඳහා එක්වූ ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය තුළ ප්‍රකට වී තිබේ.