සල්ලි වැඩිපුර අච්චු ගැහුවත් , උද්ධමනය පාලනය කරනවා – කබ්රාල්

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් මෙවර මුදල් අච්චු ගැසූ නමුත් උද්ධමනය පාලනය කරගැනීම සඳහා රජය අවශ්‍ය  පියවර ගන්නා බව  මුදල් හා ප්‍රාග්ධන වෙළඳපල සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කර සිටී .

කොවිඩ් වසංගතය හේතුවෙන් ආර්ථිකයට  ඇතිවූ බලපෑම නිසා, ලොවපුරා රටවල් රාශියක්ම මෙම වසරේදීමෙසේ වැඩිපුර මුදල් අච්චු ගසා ඇති බවත් , මෙය ශ්‍රී ලංකාවට පමණක් බලපෑ ගැටළුවක් නොවන බවත් ඒ මහතා මාධ්‍ය වෙත අද පැවසීය

වරින් වර මෙලෙස සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි පුර මුදල් අච්චු ගැසීමට සිදුවන බවත් මෙය මීට පෙරත් විවිධ ආණ්ඩු යටතේ සිදුව ඇති  බවත් ඒ මහතා මාධ්‍ය වෙත පැවසීය .

කෙසේ වෙතත් මුදල් අච්චු ගැසීම හේතුවෙන් උද්ධමනය වැඩි වුවහොත්, ඊට ද මුහුණදීමට රජය  සූදානම් බවත් , උද්ධමනය පාලනය කිරීම සඳහා රජය සතුව සැලසුම් ඇති බවත්  රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවසීය