නවතම පුවත්

සවුදි රජ පවුලේ 150කට පමණ කොරෝනා

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

සවුදි අරාබියේ රාජකීය පවුලට අයත් සාමාජිකයින් 150 දෙනෙකුට ආසන්න පිරිසකට මේ වනවිට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට ජාත්‍යන්තර මාධ්‍ය අනුමාන කර සිටී.

ඒ අනුව සවුදියේ සලමන් රජු මෙන්ම මොහොමඩ් බින් සලමාන් කුමරුද , මෙම වෛරසයෙන් බේරීම සඳහා , රජ පවුලෙ සාමාජිකයින්ගෙන් ඈත්ව , ආරක්‍ෂිත ස්ථානවල වෙන් වෙන්ව හුදකලාවී සිටින බවද දැනගන්නට ඇත.

සල්මන් රජු ජෙඩා නුවර මාලිගාවක හුදකලාව වෙසෙන අතර දැනට සවුදියේ පාලන බලය හිමි බින් සල්මාන් කුමරු සවුදියේ නිරිත දිග පෙදෙසේ පිහිටි මාලිගාවක රැදී සිටින බවටද එරට මාධ්‍ය වාර්තා තහවුරු කර ඇත.

දැනට වෛරසය ආසාධනය වී ඇති රජ පවුලේ සාමාජිකයින් විශාල පිරිසක් රියාද් නුවර කිංග් ෆයිසාල් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර , ඒ අනුව එම රෝහල රාජකීය පවුලේ සාමාජිකයින් වෙනුවෙන්ම වෙන්කිරීමටද රෝහල් බලධාරීන් පියවර ගෙන ඇත.

ඉදිරි දින කිහිපය ඇතුලත සවුදි රජපවුලේ තවත් සාමාජිකයින්ටද මෙම වෛරසය අසාධනය වීමේ අවදානමක් ඇති බැවින් රෝහලේ ඇඳන් 500ක් ඒ වෙනුවෙන් වෙන් කිරීමටද රෝහල් බලධාරීන් පියවර ගෙන ඇත.

එසේම රියාද් නුවර ආණ්ඩුකාර ධූරය හොබවන , බින් අබ්දුල් අසිස් කුමරුටද මේ වනවිට කොරෝනා ආසාධනය වී ඇති බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත. ඔහු සල්මන් රජුගේ සහෝදරයාවේ.

සවුදි රජය කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා දැඩි නීති රීති ක්‍රියාත්මක කරන ලද්දේද , එරට රජ පවුලේ සාමාජිකයින් මෙසේ ආසාධනය වී සිටීම හේතවෙන් විය හැකි බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කර ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්