පාස්කු ප්‍රහාරය සිදුකළ තවුහීඩ් ජමාත් නායක සහරාන් හශීම්ගෙන් නුවරඑළියේ පුහුණු කඳවුරේදී අවි පුහුණුව ලැබූ මවුලවිවරුන් දෙදෙනකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
නිකවැරටිය ජුම්මා පල්ලියේ මවුලවිවරයකු වන මොහොමඩ් නසාර් මොහොමඩ් නිම්සාඩ් නමැති 29 හැවිරිදි අයෙකි.
හෙට්ටිපොළ ජුම්මා පල්ලියේ මවුලවිවරයකු වන හනීෆා මොහොමඩ් රිස්මි නමැති 28 හැවිරිදි අයකු ද අද මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණි.