නවතම පුවත්

සහරාන්ගේ තවත් පුහුණු කඳවුරක් ගැන වසරකට පසු හෙළිදරව්වක්

අසංක

අසංක

 

පාස්කු බෝම්බ ප්‍රහාර මාලාවෙන් වසරකට පසු සහරාන්ගේ තවත් පුහුණු කඳවුරක් මුතූර්වලින් සොයාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත්ව තිබේ.

එම පුහුණු කදවුර ගැන තොරතුරු අනාවරණය වන්නේ වසරක් තිස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවේ සිටින සාදික් නැමැති මරාගෙන මැරෙන පුහුණුව ලැබූ ත්‍රස්තවාදියාගෙන් දීර්ඝ ලෙස කෙරුණු ප්‍රශ්නකිරීම් වලදීය.

මාවනැල්ලේ බුදු පිළිම වලට හානි කිරීමේ ප්‍රධාන චූදිතයෙක් වන්නේ ද ඔහුය.

2014 වසරේදී තුර්කිය හරහා සිරියාවට ගොස් අයිඑස් පුහුණුව ලබා ඇති ඔහු මෙරටට පැමිණීමෙන් පසු මෙම පුහුණු කදවුර ආරම්භ කර තිබෙන බව විමර්ශනවලදී හෙළිවී තිබේ.

අක්කර 15ක පමණ භූමියක පිහිටා ඇති එම පුහුණු කඳවුර පවත්වාගෙන ගිය එම ඉඩම මාවනැල්ලේ හජ්ජියාර් වරයකුට අයත් එකකි.

එය ගොවිපලක් ලෙස පවත්වාගෙන ගිය ස්ථානයකි.

එහි හිමිකරුගේ පුතා සාදික්ගේ මිතුරෙකි. ඒ ඔස්සේ සාදික් ඉතා රහසිගතව එම ගොවිපල තුළ සිය පුහුනු කදවුර පත්වාගෙන ගොස් ඇත්තේ සහරාන්ගේ උපදෙස් මත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හෙළිකරගෙන ඇත.

මාවනැල්ලේ පදිංචි තරුණයන් පස්දෙනෙකු එම පුහුණු කඳවුරට රැගෙන ගොස් ටී-56 ගිනි අවි ටී 56 ගිනිඅවි භාවිතය සහ මේ සම්බන්ධයෙන් පුහුණුවක් ලබාදී ඇති බවද අනාවරණය වී තිබේ.

පාස්කු ප්‍රහාරයෙන් පසු ආරක්ෂක අංශ විසින් කළ වැටලීම්වලදී අත්අඩංගුවට ගත් තරුණයන් අතර මුතූර්හි දී දී පුහුණුව ලැබූ තරුණයන් පස් දෙනාද තරුණයන් පස් දෙනා ද සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සාදික්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී එම පුද්ගලයන්ගේ නම් අනාවරණය වී ඇති අතර මේ වන විට වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින එම තරුණයන්ගෙන් ඒ ගැන ප්‍රශ්න කිරීමේදී තමන් මුතුර්හිදී පුහුණුව ලැබූ බව පිලිගෙන තිබේ.

එහෙත් වසරක් තිස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි ත්‍රස්තවාදී සැකකරුවන් සිටියදී සැක කරුවන් මම මුත්තූර් හිදී තම වෘත්තිය පුහුණුව ලැබූ බවක් හෙළිකර තිබුණේ නැත.

ඒ අනුව පෙනී යන්නේ අත්අඩංගුවේ සිටින සැකකරුවන් තවදුරටත් තොරතුරු සඟවා ගෙන සිටින බව යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් The colombo express වෙත සඳහන් කළේය.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි