සහරාන්ට මුදල් දී ලෝකේ වටේ හැංගුණු ධානපතියෝ 7 දෙනෙක් – නීතිඥ, ඉංජිනේරු, වෛද්‍ය , වාහන මුදලාලිලාත් ඒ අතර

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පාස්කු ප්‍රහාරය එල්ල කරන ලද සහරාන් හශීම්ට මුදල් ලබාදෙමින් මෙහෙය වූ බව කියන පුද්ගලයන් හත් දෙනෙකු හඳුනා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත් වී තිබේ.

ඒ අතර නීතිඥවරයෙක්, ඉංජිනේරුවරයෙක්, වෛද්‍යවරුන් දෙදෙනෙක්, වාහන අලෙවිකරුවන් දෙදෙනෙක් සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරුවලින් දැනගන්නට ඇත.

මේ වන විට ඔවුන් හත් දෙනාම මෙරටින් පළා ගොස් සැඟවී සිටින බව හෙළි වී තිබේ. දැනට හෙළි වූ තොරතුරුවලට අනුව ඕස්ට්‍රේලියාව, තුර්කිය, ඇමරිකාව ඇතුළු රටවල මොවුන් ඔවුන් රැඳී සිටින බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලද තොරතුරුවල සඳහන්ය.

ජාත්‍යන්තර පොලීසියේ හෙවත් ඉන්ටපෝල් සහ බුද්ධි අංශ සහය ඇතිව මෙම පිරිස කොටුකර ගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මක ය. සහරාන්ගේ මුල් පුරුක් මේ අය බවටත් අනාවරණය වී ඇති බවත් මොවුන් ධනකුවේරයන් බවත් වාර්තාවේ.