තහනම් සංවිධානයක් වන ජාතික තවුහීඩ් ජමාත් සංවිධානයට අයත් රුපියල් බිලියන 1.3ක් ඉක්මවූ වත්කම් අත්පත් කරගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකි වී ඇතැයි වාර්තා වේ.
ඒම සංවිධානයේ නායක මරාගෙන මැරුණු බෝම්බකරු වන සහරාන් හෂීම්ට හා එහි සාමාජිකයන්ට අයත්ව තිබූ රන් ආභරණ, දේපළ, ිිිිිවාස, වාහන ආදිය මෙලෙස අත්පත් කරගෙන ඇත.
මීට පෙර ද එම සංවිධානයට අයත් බිලියන ගණනක වත්කම් සොයාගැනීමට රහස් පොලීසියට හැකිවිය.
ත්රස්ත කටයුුුුතු සදහා භාවිත කිරීමට අතිවිශාල වත්කම් ප්රමාණයක් මෙම සංවිධානය සතුව තිබී ඇත.