නවතම පුවත්

සහරාන් මරාගෙන මැරෙන ‌බෝම්බකරුවන් ‌හෙව්වේ සමාජ ජාලවලින් – ඉස්ලාම් ආගම් නායකයන් කියයි

අසංක

අසංක

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහමොළකරු බව කියන සහරාන් හෂීම් විසින් මුස්ලිම් නොවන ජනතාව ඉලක්ක කොට  මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය ඒල්ල කිරීමට තරුණයන් 6 දෙනකු සොයාගැනීම සදහා ප්‍රසිද්ධියේ සමාජ ජාල භාවිත කළ බවට මුස්ලිම් ආගමික සංවිධාන නායකයන් අනාවරණය කර තිබේ.

තරුණයන් 6 දෙනා මරාගෙන මැරෙන තත්ත්වයට සිතුවිලි වෙනස් කිරීම සදහා සහරාන් විසින් මාස ගණනාවක් තිස්සේ පෞද්ගලික ‘චැට්රූම්’ භාවිත කළ බවට ඔවුන් විදෙස් ඒඒෆ්පී පුවත් සේවයට සදහන් කරඇත.

සිලෝන් තවුහීඩ් ජමාත් සංවිධානයේ නායක ආර් අබ්දුල් රාසික්, ශ්‍රී ලංකා තවුහීඩ් ජමාත් සංවිධානයේ හා සමස්ත ලංකා ජමෙයිතුල් උලමා සංවිධානයේ ඉස්ලාම් ආගමික නායකයන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය මේ බව අනාවරණය කරයි.

විශේෂයෙන්ම මුස්ලිම් නොවන ජනතාව ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කිරීම සදහා මරාගෙන මැරෙන තත්ත්වයට පත්කිරීමට  තරුණයන්ගේ මනස වෙනස් කිරීමේ උත්සහයෙහි සහරාන් නිරත වී ඇත්තේ ප්‍රධාන වශයෙන්ම ෆේස්බුක් සහ යූටියුබ් ඔස්සේ බව රාසික් මහතා පවසා තිබේ.

මියගිය බෝම්බකරුවන් වූ කළුබඩු ව්‍යාපාරයේ නිරත අයියා මලෝ දෙදෙනාගේ මුදල් මෙම බෝම්බ සපයාගැනීම සදහා යොදාගන්නට ඇති බවත් ඔවුන් පෙන්වා දෙයි.

2017 වසරේදී සහරාන් හසීම්ගේ ක්‍රියාකලාපය තර්ජනයක් වනු ඇති බවට රජයට අනතුරු ඇගවූ නමුත් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බව ශ්‍රී ලංකා තවුහීඩ් ජමාත් සංවිධානය අවධාරණය කර තිබේ.

මුස්ලිම් තරුණයන්ගේ මනස විනාශ කිරීමේ යෙදුණු සහරාන් හෂීම්ගේ ෆේස්බුක් හා යූටියුබ් ගිණුම් අත්හිටුවන ලෙස තමන් බුද්ධි අංශ වෙත ද දන්වා සිටි බව ද ඒම ගිණුම් අධීක්ෂණය කළේ නම් සහරාන් කිරීමට සිටි දේ පහසුවෙන් දැනගත හැකි වීමට ඉඩ තිබූ බව ද සමස්ත ලංකා ජමෙයිතුල් උලමා සංවිධානය ඇතුළු සෙසු සංවිධාන නායකයන්  පෙන්වා දී ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්