ඉදිරි සති දෙක තුන තුළ සහල් මිල අඩු කිරීමට නීති සම්පාදනය කරන බව , අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මාධ්‍ය වෙත අද පැවසීය
ඒ අනුව රුපියල් 20කට වඩා වැඩි මුදලකින් සහල් මිල අඩු කිරීමට අවශ්‍ය නීති රීති වෙනස් කරන බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය .
එම නීති සම්පාදනය කල පසුව ,වැඩි මිලට සහල් අලෙවි කළහොත් දඩ නි යම කරන බවත් , එම දඩ මුදල මේ වනවිට රුපියල් ලක්ෂයක් දක්වා ඉහළ දමා ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය
තව ද නඩු සහ කැකුළු සහල්වල මිල රු.100 කට වඩා වැඩි වීමට කිසිසේත් ඉඩ නොතබන බව ට ද අමාත්‍යවරයා මෙහිදී සහතික විය.