මෙතෙක් ස්ථිර කර නොමැති සියලු සංවර්ධන නිලධාරීන්ගේ පත්වීම් කඩිනමින් ස්ථිර කිරීමට රජය සැලසුම් කර ඇත.ඒ අනුව දැනටමත පත්වීම් ස්ථිර කිරීමට මූලික කටයුතු ආරම්භ කිරීමට ස්වදේශ කටයුතු හා පළාත් සභා සහ පළාත් පාලන අමාත්යංශය පියවර යොදා ඇති බවද වාර්තාවේ, වසර පහක හයක පමණ දීර්ඝ කාලයක සිට අස්ථීර සේවකයින් ලෙස කටයුතු කරන සංවර්ධන නිලධරීන් විශාල පිරිසක් සිටින බවට දැනගන්නට ඇතිබවත් ඒ අනුව මෙම තීරණය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්න බවත් ස්වදේශ කටයුතු හා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා මාධ්‍ය වෙත පැවසීය