ස්වකැමැත්තෙන් විදුලි කප්පාදු කරගන්න – මහජන උපයෝගීතා කොමිසම ඉල්ලයි !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

පෞද්ගලික බලාගාර වලින් විදුලිය මිලදී ගැනීම සඳහා විදුලිබල මණ්ඩලය මේවනතෙක් කිසිඳු ඉල්ලීමක් සිදුකර නොමැති බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි

ඒ සම්බන්ධයෙන් මාධ්‍ය කල  විමසීමකදී එම කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක සඳහන් කළේ එලෙස පෞද්ගලික බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමට නම් ඒ සඳහා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අවසරය ලබාගැනීම අනිවාර්ය බවයි.

පෞද්ගලික බලාගාරවලින් විදුලිය මිලදී ගන්නේ නම් විදුලි ඒකකයක් සඳහා විදුලිබල මණ්ඩලයට වැඩි පිරිවැයක් දැරීමට සිදුවන බවද ඒ මහතා පැවසීය . එබැවින් විදුලි ඉල්ලුම වැඩිම කාලය වන රාත්‍රී 07 ත් 09 ත් අතර කාලය තුළ විදුලි පාරිභෝගිකයින් සිය කැමැත්තෙන්ම විදුලි කප්පාදුවක් සිදුකර ගන්නේ නම් පෞද්ගලික බලාගාරවලින් විදුලිය මිලදී නොගෙන විදුලි ඉල්ලුම අඩුකර ගත හැකි බවයි මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක වැඩිදුරටත් පැවසුවේ.