ස්වාධීන මන්ත්‍රීවරුන්ගේත් සහයෙන් හදිසි නීතිය සම්මතයි

Picture of අසංක

අසංක

හදිසි නීතිය අද පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබේ.

වැඩබලන ජනාධිපතිවරයා විසින් මහජන ආරක්ෂක ආඥාපනත යටතේ ප්‍රකාශයට පත් කරන ලද හදිසි තත්ත්වය පිළිබඳ ප්‍රකාශය අද සම්මත වූයේ වැඩි ඡන්ද 57 කිනි.

ඒ පිළිබඳව පැවති ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 120ක් සහ විපක්ෂව ඡන්ද 63ක් ලැබී තිබුණි.

ඊට පක්ෂව ඡන්දය දුන් ස්වාධීන වූ මන්ත්‍රීවරුන් වූයේ විමල් වීරවංශ, මොහොමඩ් මුසම්මිල්, නිමල් පියතිස්ස, උද්දික ප්‍රේමරත්න, ගාමිණී වලේබොඩ, ගෙවිඳු කුමාරතුංග යන මහත්වරුන් ය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු මන්ත්‍රීවරුන් 18ක් ඡන්දය දීම සඳහා අද මැති සබයට සහභාගී නොවීය.

මේ අනුව අද හදිසි නීතිය සම්මත කර ගැනීම සඳහා පක්ෂව, විපක්ෂව ඡන්දය ලබාදුන් මෙන්ම මෙන්ම නොපැමිණි මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුව පහත දැක්වේ.