කොළඹ පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන, රඳවා තබා තර්ජනය කළ බව කියන නිලධාරිනියට ලබන 09 වැනි දා දක්වා විදේශගත වීම වළක්වමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ.
එමෙන්ම එදිනට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත සිද්ධිය සම්බන්ධයෙන් ප්රකාශයක් ලබාදිය යුතු බවට ද එම නියෝගයේ සඳහන් ය.
කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය අද මෙම නියෝගය කළේය.