ස්විස් තානාපති කාර්‍යාලයේ පැහැරගෙන ගොස් ප්‍රශ්න කිරීමකට ලක්වූ බව කියන සේවිකාව තෙවැනි දිනටත් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.
ඒ ප්‍රකාශයක් ලබාදීම සඳහායි.
ගුවන් ගිලන් රථයකින් ස්විට්සර්ලන්තය බලා ගෙනයාමට තානාපති කාර්‍යාලය රජයෙන් ඉල්ලීමක් කර තිබූ ඇයට විදෙස්ගත වීම වළක්වාළමින් අධිකරණ නියෝග නිකුත් වීමත් සමග මෙලෙස ප්‍රකාශ ලබාදීමට පැමිණ ඇත්තේ කිසිදු බාහිර රෝගී තත්ත්වයක් පෙන්නුම් නොකරමිනි.