නවතම පුවත්

ස්වීඩනයේ වනාන්තර දෙගුණ වෙයි – ලොව දැවැන්තම දැව නිෂ්පාදකයන් අතරටත්

අසංක

අසංක

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

ස්වීඩනයේ වන ඝනත්වය දෙගුණයක් වී තිබේ. ඒ ගෙවී ගිය වසර 100 සළකා බැලීමෙනි.

‘තුරුසෙවණේ බිම්කඩ’ ලෙස ස්වීඩනය හැදින්වෙන්නේ ද මේ නිසාය.

වසර 100ක පමණ කාලයක සිට ස්වීඩනය විසින් කපන සෑම ගස් සංඛ්‍යාවක් සදහාම දෙගුණයක් ගස් සිටුවීමේ ප්‍රතිපත්තිය එරට සියල්ලන්ම අනුගමනය කිරීම නිසා මේ වනවිට ස්වීඩනයේ මුළු භූමි ප්‍රමාණයෙන් 70%ක්ම ගස්වලින් පිරී ඇත.

මෙම ප්‍රබල සහ කාලෝචිත ප්‍රතිපත්තිය හේතුවෙන් එරට ලෝකයේ විශාලතම කඩදාසි නිෂ්පාදකයා වීමට ද සුදුස්සන් වී ඇත්තේ ඒ සදහා ඔවුන්ට අවශ්‍ය දැව ඇති තරම් තිබෙන නිසයි.

දැව නිෂ්පාදනය අතින් වාණිජ මට්ටමේ ඉතා ඉහළ වටිනාකමක් ලබාගැනීමට ද ස්වීඩනයට මේ හේතුවෙන් හැකිවී තිබේ.

ගස් කැපීම අර්බුදයක් නොවන ලෙස ප්‍රතිපත්ති සකස් කරගැනීම නිසාම ස්වීඩනයට 1%ක වාණිජ වනගහනයක් ඇත.

එය ඔවුන් පවත්වාගෙන යනු ලබන්නේ මුළුමනින්ම දැව නිෂ්පාදනය වෙනුවෙනි.

වසර 100කට එපිට ස්වීඩනයේ පැවැති වන ඝනත්වයට වඩා ඉතා විශාල ප්‍රමාණයක් දැන් පවතින බැවින් එරට ජගනගහනය වෙනුවෙන් ඔවුන් වෙන් කර ඇත්තේ ඉතාම කුඩා බිම් කඩක් පමණි.

මෙම ක්‍රියාමාර්ගය හේතුවෙන් ස්වීඩනය ලොව සෙසු රටවලට සාපේක්ෂව වායු, පිරිසිදු ජලය, ආහාර නිෂ්පාදනය, සුදුසු වාසය ආදි කරුණු අතින් ඉතා ආරක්ෂිත රටක් ලෙස සැළකේ.

ස්වීඩනයේ වාර්ෂික වන ඝනත්වය කියුබික් මීටර් මිලියන 120කි.

සෑම වසරකම කියුබික් මීටර් 90ක් පමණ ප්‍රතිඵලයක් ඔවුන් ලබන අතර මේ හේතුව නිසාම තිරසර වන ආකෘතිය තුළ ස්වීඩන ජනතාවට බොහෝ රැකියා ද උත්පාදනය කරනු ලබයි.

දැව නිෂ්පාදනය ස්වීඩන ආර්ථිකයේ ප්‍රධානතම බලපෑම්කරු වන අතර වන කර්මාන්තය මගින් ඍජු රැකියා 60,000ක් හා වක්‍ර රැකියා 200,000ක් උත්පාදනය කරනු ලබයි.

1993 දී ස්වීඩන රජය විසින් සම්මත කරගත් සිය වනාන්තර ‘ජාතික සම්පතක්’ ලෙස ප්‍රකාශයට පත්කිරීමත් සමග ඒ ඔස්සේ ගත් පියවර හේතුවෙන් ස්වීඩනය මේ වනවිට පාරිසරික, සමාජමය, ආර්ථිකමය ස්ථාවරත්වයට පත්ව සිටියි.

ස්වීඩනයේ මුළු භුමි ප්‍රමාණයෙන් වන ආවරණය

මූලාශ්‍ර – වර්ල්ඩ් ඉකොනොමික් ෆෝරම් ඇසුරිනි

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි