වාර්ෂිකව 68 වන වරටත් පවත්වනු ලබන, දඹදිව සාංචි – මහබෝධි අග්‍රශ්‍රාවක ධාතු වන්දනා මහෝත්සවය සාංචි පුදබිමේදී ලබන 29 දින පෙරවරුවේ ආරම්භවීමට නියමිතය .
පවත්නා කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ඉන්දියාවේ සෞඛ්‍ය අංශවල උපදෙස්වලට අනුගතවෙමින් සීමිත සහභාගිත්වයක්ඇතිව, සම්ප්‍රදායික චිරාගත වත්පිළිවෙත් පෙරදැරිව මෙවර මෙම උත්සවය පැවැත්වෙන බව ,සාංචි චේතියගිරි හා කොළඹ අග්‍රශාවක මහා විහාරාධිපති, ජපානයේ ප්‍රධාන සංඝනායක අතිපුජ්‍ය බානගල උපතිස්ස නා හිමියෝ පැවසූහ.
මෙවරත් මධ්‍ය ප්‍රදේශ් රජය සමග එක්ව ශ්‍රී ලංකා මහබෝධි සංගමය මෙම මහෝත්සය සංවිධානය කරනු ලබන අතර
මධ්‍ය ප්‍රදේශ් අතිරේක පොලිස් ජෙනරාල් අනුරාධා ශංකර් මහත්මියගේ උපතිස්ස නා හිමියෝ පැවසූහ.
අගසව් ධාතුන් වහන්සේලා භූගත ධාතු ගර්භයෙන් පිටතට වැඩමවා, පසුගිය වසරේ වියට්නාමයේ බෝධිචිත්තා
භික්ඛු ණි ප්‍රමුඛ වියට්නාම් බෞද්ධ සැදැහැවතුන් පූර්ණ රන් ආලේප කළ සාරනාත් බුද්ධ ප්‍රතිමා වහන්සේ පාමුල පූජාසනයේ තැන්පත් කර, අගසව් ධාතු වන්දනාව පැවැත්වීමට මෙවර කටයුතු යොදා ඇතැයි ද උපතිස්ස නා හිමියෝ පෙන්වා දුන්හ.
මෙදින මෙම සියළු ආගමික වතාවත් හා චාරිත්‍රයන් ඉටුකරනු ලබන්නේ මේ වනවිටත් සාංචි පුදබිමේ වැඩ වාසය කරමින් විහාරයේ දෛනික ආගමික
වතාවත් නොපිරිහෙලා ඉටු කරන උඩුගම තපස්සි හිමියන විසින් බවද බානගල නා හිමියෝ
පැවසූහ.
ඒ අනුව නොවැම්බර් 29 දින පෙරවරු හතට ඇරඹෙන මෙම ධාතු පූජා මහෝත්සවය MpNewsUpdate මධ්‍ය ප්‍රදේශ් රූපවාහිනි සේවය ඔස්සේ සජීවීව විකාශය කෙරෙන අතර එය ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමයේ AMCA (face book) මුහුණු පොත හරහා මෙරට තුල ප්‍රතිවිකාශය කිරීමට නියමිතය