සාගර අපද්‍රව්‍ය මුදාහැරීම,ලංකාව ලෝකයෙන්ම 05 වැනි ස්ථානයට

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අපද්‍රව්‍ය සාගරයට මුදා හරින රටවල් අතර ශ්‍රී ලංකාව ලොව පස්වැනි ස්ථානයට පත්වී ඇතැයි ජාත්‍යන්තර සමීක්ෂණයකින් හෙළි වි ඇත.

මෙම අන්තර් ජාතික සමීක්ෂණයට අනුව සාගරයට ලොව වැඩිපුරම ප්ලාස්ටික් හා පොලිතීන් ඇතුළු අපද්‍රව්‍ය නිකුත් කරන රට වන්නේ චීනය වන අතර ශ්‍රී ලංකාවද වසරකට විශාල පරිමාණයෙන් එම අපද්‍රවය සාගරයට මුදා හරිනු ලබයි.

ගොඩබිම නිසි පරිදි බැහැර නොකරන පොලිතීන් ඇතුළු ප්ලාස්ටික් අපද්‍රව්‍ය ගංගා ඔස්සේ සයුරට ගලා බැසීම ශ්‍රී ලංකාවේ මෙම තත්ත්වය උග්‍ර වීමට ප්‍රධාන හේතුව වී ඇත.