අද සවස් කාලයේ සමාජ ජාල උණුසුම් කරමින් පැතිර ගිය වීඩියෝවක සාමණේර හිමිවරුන් දෙදෙනකුට ඉතා අමානූෂික ලෙස පුද්ගලයකු යමක් ප්රශ්න කරමින් ස්වාමින්වහන්සේලාගේ කණට වැරෙන් පහරදෙන අතර තවත් කීපදෙනෙකු සිටි ඒ අතර පුද්ගයෙක් පැමිණි එම පහර දෙන පුද්ගලයා ඉවත් කිරිමට උත්සහ කරන විට ඔහු නැවතත් කුඩා සාමණේර නමකට නැවත පහරදේ. වීඩියෝවේ පසුබිමින් ඇසෙන ශබ්දයෙන් කියවෙන්නේ සාමණේර හිමිවරුන් අයිස් පැකට් ලබා ගැනිමට මුදල් ගැනීම නිසා එයට උරණ වී එකි පුද්ගලයා පහර දෙන බවයි.
මේ වන විට එම වීඩියෝව සම්බන්ධයෙන් පොලිස් පරික්ෂණයක් ක්රියාත්මක බවද වාර්තා වේ.