කොරෝනා බවට සැක කෙරෙන රෝගීන්ගේ සාම්පල 1600ක් පමණ මේ වන විට පරීක්ෂා කර ඇති බවත් ඉන් කොරෝනා ආසාදිතයින් බව තහවුරු වී ඇත්තේ සුළු පිරිසක් බවත් බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනය අනාවරණය කර සිටී.
තවත් සැක සහිත රෝගීන්ගේ සාම්පල 60ක් පමණ පරීක්ෂා කිරීම සඳහා ලැබී ඇති අතර එම පරීක්ෂනවල ප්‍රතිඵලද ඉදිරි දින කිහිපය තුල නිකුත් කරන බව පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කළේය.
බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනය, කොරෝනා පිළිබඳ සාම්පල පරීක්ෂා කෙරෙන මෙරට ප්‍රධානම ආයතනයයි.
දෛනිකව වාර තුනකදී එහි සිදු කෙරෙන පරීක්ෂණ සංඛ්‍යාව 100කි.