නවතම පුවත්

කොරෝනා ගම් 7කට සීල් තබයි

අසංක

අසංක

කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය වලක්වා ගැනීමට නිරෝධායනය නොවූ රෝගීන් හමුවූ ගම්මාන 07 ක් අද වන විට මුද්‍රා තබා හුදෙකලා කරමින් ගම්මාන පිටින්ම ජනතාව ස්වයං නිරෝධායනයට යොමු කිරීමට සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ.

මුලින්ම එසේ මුද්‍රා තබා මුළු ගම්මානයක්ම නිරෝධායනය කිරීමේ කටයුත්තට යොමුකරන්නේ යාපනය දිස්ත්‍රික්කයේ අරියාලේ, ගම්මානයයි. ස්විස් සිට පැමිණි කොවිඩ් 19 වැලදුණු දේවගැතිවරයෙකු යාපනයේ සංචාරයක නිරත වීමත් ජන සමූහයක් ඉදිරියේ ඔහු දේව මෙහෙයක් පවත්වා තිබීමත් ඔහු සමග ඉතා කිට්ටුවෙන් සිටි පුද්ගලයෙකුට වෛරසය වැලදීමත් මුල්කර ගෙන එම ගම්මානයට මුද්‍රා තබා නිරෝධානයනට යොමු කරන්නේ ඉකත් 21 වෙනිදා සිටය. මෙතක් එම ගම්මානයෙන් වෛරසය වැලදුණු පුද්ගලයෙක් හමුවී නැති අතර එම ගම්මානයේ වැසියන් අද වන විට දින 10 ක් නිරෝධායන කටයුත්තට යොමු වී තිබේ. යාපනයේ ආරක්ෂක අංශ සදහන් කරන්නේ තවත් දින පහක් අවම වශයෙන් අරියාලේ ගම්වැසියන් නිරෝධායනය විය යුතු බවය. ඒ කාලය තුළ කිසිදු වැසියෙක්ට වෛරසය ආසාධනය වූ බවත් හෝ රෝග ලක්ෂණ පෙන්නුම් නොකලහොත් එම ගම්මානයට තබා ඇති මුද්‍රා ඉවත්කිරීමට හැකිවනු ඇතැයි යාපනයේ ආරක්ෂක අංශ සදහන් කරයි.

අරියාලෙන් පසු දෙවැනියට මුද්‍රා තැබෙන්නේ කළුතර දිස්ත්‍රික්කයේ පිහිටි අටළුගම මුස්ලිම් ගම්මානයටයි. ඊට මුල්වන්නේ විදෙස්ගතව පැමිණි එම ගම්මානයේ පදිංචි පුද්ගලයෙකුට වෛරසය වැලදී තිබීමය. ඩුබායි සංචාරයක නිරතවූ එම පුද්ගලයා තමන් විදෙස් ගතව පැමිණි බව පොලීසියට හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකයන්ට දැනුම් නොදී ගම්මානය පුරා කරක් ගසා තිබුණු බැවින් ගම්මානයම නිරෝධායනයට ලක්කරන්නට මුල්වී තිබේ. මේ වන විට ඔහුගේ පියාටත්, සහෝදරියටත් වෛරසය වැලදී ඇතැයි තහවුරු වී ඇති අතර ඔහු සමීපව ඇසුරු කළ 20 කට වැඩි පිරිසක්ද හමුදාවේ අධික්සණ යටතේ නිරෝධායනයට යොමු කර ඇත.

මේ අතර අටළුගම මාරාව උප තැපැල් ස්ථානාධිපතිනිය සහ ඇගේ බාල පුතු කොවිඩ් 19 රෝග ලක්ෂණ පෙන්නුම් කළ බැවින් කළුතර නාගොඩ රෝහලට අද 31 ඇතුලත් කළේය. ඇගේ ස්වාමිපුරුෂයාද, දියණියද, වැඩිමහල් පුතුද මේ වන විට සිටින්නේ අයි.ඩී.එච්. රෝහලේය. අටළුගමට වෛරසය ව්‍යාප්ත කළේ ඇගේ වැඩිමහල් පුතාය. ඩුබායි ගොස් පැමිණ නිරෝධායනය නොවී සිටියේ ඔහුය. ඒ අනුව මුළුපවුලම කොවිඩ් වෛරසය වැලදී ඇතැයි තහවුරු වීහමාරය.

මහනුවර දිස්ත්‍රික්කය කොවිඩ් 19 වෛරසයෙන් නිදහස් කලාපයක් බවට පත්ව තිබුණත් අකුරණ මුස්ලිම් ගම්මානයේ පුද්ගලයෙක් ඉන්දියාවේ සංචාරයක නිරතව පැමිණි පුද්ගලයෙකුට වෛරසය ආසාධවය වී තිබීම නිසා අකුරණගම්මානයටම මුද්‍රා තැබීමට බලධාරීන්ට සිදුවිය. එම පුද්ගලයා නිරෝධායනයට ලක්නොවී ඇත්තේ ඔහු ඉන්දියාවේ සංචාරයකද නිරතවූ බව හෙළි නොකරමිනි. ඔහු පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකින් පවා ඒ සදහා ප්‍රතිකාර ලබාගෙන තිබුණි.

මුදා තැබෙන සිව් වැනි සහ පස් වැනි ගම්මාන පිහිටා තිබෙන්නේ පුත්තලම දිස්ත්‍රික්කයට තුළය. මලයාසියාව, ඉන්දුනීසියාව සහ තායිලන්තයේ සංචාරයක නිරතවූ පුද්ගලයෙක් සියං නිරෝධායනය වෙමින් සිටියදී වෙරසය ආසාධනය වීම හේතුවෙන් පුත්තලමේ කඩුමයන්කුලම ගම්මානය මුද්‍රා තැබීමට මුල්වී තිබේ. ඒ ඔහුගේ පවුලේ සාමාජිකයන් මෙන්ම ඔහු ගමේ දේවස්තාන කිහිපයකටත් වෙළද සැල් ඇතුළු නිවාස කිහිපයකටත් ගමන් කර ඇතැයි අනාවරණය වීම නිසාය.

එසේම පුත්තලමේ නාත්තණ්ඩිය ගම්මානයේ කොටසකටද මුද්‍රාතැබීමට සිදුවන්නේ ඒත් එක්කමය. ඊට මුල්වන්නේ ඉන්දියාවේ සංචාරයක නිරත වූ පුද්ගලයෙක්ට වෛරසය වැලදී තිබීම නිසාය. එම පුද්ගලයාද ඉන්දියානු සංචාරය ගැන පොලීසියට හෝ සෞඛ්‍ය අංශ වලට දැනුම් නොදී සිටියෙකි. මේ වන විට ඔහුගේ බිරිදටත් පිරිමි දරුවන් දෙදෙනාටත් දියණියගේ මාස හතරක් වයසැති බිලින්දාටත් වෛරසය වැලදී මේ වන විට අයි.ඩී.එච්. රෝහලට ඇතුලත් කර සිටිති.

කොවිඩ් වෛරසය වැලදුණු රෝගීන් 18 දෙනෙක්ම සිටින්නේ කළුතර දිස්ත්‍රික්කය තුළය. අටළුගමින් මේ වන විට වාර්තා වී ඇති රෝගීන් ගණන 03 කි. ඒ හැරුණු කොට වැඩිම රෝගීන් ගණනක් වාර්තා වී ඇත්තේ බේරුවලිනි. එම ගණන 07 කි. එබැවින් බේරුවල පන්නිලගමටද මුද්‍රා තබා ගම්මානය හුදෙකලා කර ඇත්තේ ස්යං නිරෝධායනයට මුළු ගම්මානයේම වැසියන් යොමු කර වෛරසය පරදවා ව්‍යාප්තිය අඩපන කරන්නටය. පන්නිල ගම සැලකෙන්නේ මුද්‍රා තැබූ හය වෙනි ගම්මානය ලෙසිණි.

ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි මීගමුව පෝරුතොට ගම්මානයද ඊයේ 31 රාත්‍රිෙය් සිට මුද්‍රා තැබීමට පියවර ගත්තේය. ඒ එම ගම්මානයේ පුද්ගගලයෙක් හෘද රෝගියෙක් ලෙස මීගමුව රෝහලට ඇතුලත් කිරීමෙන්පැය කිහිපයකට පසු මිය ගිය පසු ඔහු කොවිඩ් 19 වෛරසය ආසාධිතව ඇතැයි තහවුරු වීම නිසාය. මුස්ලිම් වැසියෙක් වන ඔහුගේ දේහයද රාත්‍රියේ අවසන් කටයුතු සදහා යොමු කරන්නේ ආදාහනය කරමමිණි.

රෝගියාට එම වෛරසය ආසාධනය වූ අයුරු ගැන පැහැදිලිවම මෙතෙක් කිසිවක් අනාවරණය වී නැත. මේ තත්වය මත සෞඛ්‍ය අංශ සහ බුද්ධි අංශ පුළුල් මෙහෙයුමක් දියත් කර ඇත්තේ වෛරසය ඔහුට වැලදුණු ආකාරයක් ගැන සොයා ගන්නටය.

මිය ගිය පුද්ගලයා විදෙස්ගතවීමක් සිදුව නැති අතර ඔහුගේ පවුලේ සාමාජිකයන් සදහන් කර ඇති ආකාරයට අනුව ඔහු නිවසින් පිටව දුර බැහැරකට ගොස් ඇතැයි කියන්නේ යාපනයට පමණි. ඔහු යාපනයට ගොස් ඇත්තේද ඉකුත් 07 වෙනිදාය. පොදු මගී ප්‍රවාහන බස් රථයකින් ඔහු යාපනයේ ගියේ යැයි කියැවෙන අතර ඔහු එසේ යාපනයේ ගියේ ඇයි දැයි කියාද මේ වන විට විමර්ශන පැවැත්වෙන බව බුද්ධි අංශ සදහන් කරයි.

ව්‍යාපාරිකයෙක් වන මේ පුද්ගලයා ඇසුරුකළ පුද්ගලයින් කවුරුන්දැයි දැන ගැනීමට ඔහුගේ ජංගම දුරකතනය පවා විමර්ශනයකට ලක්කරමින් සිටින අතර ඒ ඔස්සේ ඔහු ඇසුරු කළ පුද්ගලයින් හදුනා ගැනීමට හැතිවනු ඇතැයි බුද්ධි අංශ විශ්වාස කරයි. එසේම ඔහු පදිංචිව සිටි මීගමුව පෝරුතොට ආබ්දීන් මාවතේ පදිංචිව සිටින අය අතර මෑතකදී ඉන්දියාවට හෝ වෙනත් රටකට ගොස් පැමිණි අය සිටීදැයි දැන ගැනීම සදහා විමර්ශනයක්ද මීගමුව පොලිසීය ආරම්භකර තිබුණි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්