දැරියක දූෂණය කිරීමේ චෝදනාවට වරදකරු වූ අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් මහතාට කොළඹ මහාධිකරණයෙන් බරපතළ වැඩ සහිත වසර 15ක සිරදඬුවම් නියම කර තිබේ.
කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍යගේ පටබැඳී මහතා විසින් මෙම දඬුවම ප්‍රකාශයට පත් කළේය.
ඊට අමතරව රුපියල් 25,000 ක දඩයක් ද විත්තිකරු විසින් ගෙවිය යුතු බවට ද අතවරයට පත් දැරියට රුපියල් දෙලක්ෂ පනස් දහසක වන්දියක් ගෙවන ලෙස ද තීන්දු කළේය.
මහජන නියෝජිතයින් මෙවැනි දේ කිරීම බරපතළ තත්ත්වයක් බවත් ඒ තුළින් ප්රජාතන්ත්රවාදය කෙරෙහි පවතින මහජන විශ්වාසය බිඳ වැටෙනු ඇති බව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේය.