සා පෙළ කල් යයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

මේ වනවිට රට තුල පවතින කොරෝනා වසංගත තත්වය තුල සාමාන්‍ය පෙළ විභාගය නියමිත දිනයට පැවැත්වීම සුදුසු නොවන බවත් විභාගය පැවැත්වෙන නව දිනයන් සති 06 කට පෙර දැනුම් දීමට කටයුතු කරන බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජි.එල්.පිරිස් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේය.

දෙසැම්බර් මාසය පළමු සතිය වන විට අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පෙනී සිටින සිසු සිසුවියන්ට අධ්‍යාපනය ලබාදීම සඳහා පාසැල් සියල්ලම විවෘත කිරීමට හැකියාවක් නොමැති බැවින් මෙම තීරණය ගනු ලැබූ බව අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කලේය .

රටේ පවතින සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් සති දෙකකට වරක් සමාලෝචනය කොට සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමේ නව දිනයන් සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව මෙහිදී අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කලේය .