සැත්කමක් සදහා ඉන්දියාවට යන්න සිටි කුඩා දරුවකුගේ පියාට කොවිඩ්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින කුඩා දරුවෙකුගේ පියෙකුටද කොවිඩ් ආසාදනය වී තිබේ.

එම දරුවා සැත්කමක් සඳහා ඉන්දියාවට යොමුකිරිමට නියමිතව තිබියදි දෙමාපියන්ට සිදුකළ පී.සි.ආර්. පරීක්ෂණයෙදී මෙසේ පියා කොවිඩ් ආසාදිතයෙක් බවට තහවුරු වී තිබේ.