නවතම පුවත්

සැප්තැම්බරයේදී උද්ධමනය පහළ ගිහින් – මහබැංකුව

අසංක

අසංක

අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ ඇතුළු සේවාවල පවා නිරන්තරයෙන් මිල ඉහළ යාම හේතුවෙන් පීඩාවිඳින ජනතාව මේ වනවිට රට පුරා විරෝධතා පවත්වමින් සිටින අවධියක මෙරට තුළ භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යාම, පසුගිය සැප්තැම්බර්‌ මාසයේදී පහළ ‍ගොස් ඇති බව ශ්‍රී ලංකා මහබැකුව පවසයි. සිය මාසික වාර්තාව ඊයේ නිකුත් කරමින් මහබැංකුව විසින් මේ බව සඳහන් කළේය.

යම් කිසිකාල පරිචිඡේදයක් තුළ භාණ්ඩ හා සේවාවල සාමාන්‍යය මිල මටිටමේ අඛණ්ඩ වර්ධනය උද්ධමනය ලෙස හැඳින්වේ. එහෙත් තාවකාලික ලෙස භාණ්ඩ හා සේවා මිල ඉහළ යාම උද්ධමනය ලෙස සලකනු ලබන්නේ තැත.

 

පෙර වසරට සාපේක්ෂව ජාතික පාරිභෝගික මිල දර්ශකයේ ලක්ෂ්‍යමය ප්‍රතිශත වෙනසෙහි අඩුවැඩිවීම

 

තවද, ආහාර සහ ආහාර නොවණ කාණ්ඩවල මාසික වෙනස්වීම්‌ පිළිවෙළින්‌, සියයට 0.07ක්‌ සහ සියයට 0.18ක්‌ ලෙස වාර්තා විය.

2021 අගෝස්තු මාසයේ දී ආහාර කාණ්ඩයේ, ප්‍රධාන වශයෙන්‌, පරිප්පු, ලොකු ළූණු, සහ නැවුම්‌ මත්ස්‍ය මිල ගණන්‌ ඉහළ ගිය අතර සහල්‌ එළවළු සහ සීනි මිල ගණන්හි පහළ යෑමක්‌ වාර්නා විය.

එමෙන්ම, ප්‍රධාන වශයෙන්‌ ගෘහ භාණ්ඩ, ගෘහ උපකරණ සහ ගෘහ ඒකක නඩත්තුව (ගෘහ භාණ්ඩ), මධ්‍යසාර පාන වර්ග සහ දුම්කොළ (පුවක්‌), සෞඛ්‍ය (වෛද්‍ය/ ෆාමසි නිෂ්පාදන මිලදී ගැනීම) සහ අධ්‍යාපන (ජාත්‍යයන්තර පාසල්‌ ගාස්තු, ප්‍රාථමික සහ ද්විතියික) යන උප කාණ්ඩවල අයිතමවල මිල ගණන්හි සිදුවූ ඉහළ යෑම්‌ හේතුවෙන්‌, ආහාර නොවණ කාණ්ඩයෙහි ඉහළ යෑමක්‌ 2021 සැප්තැබර්‌ මාසයේ දී වාර්තා විය.

 

ජාතික පාරිභෝගික මිල දර්ශකයේ මාසික ප්‍රතිශත වෙනස සඳහා දායකත්වය

 

එම වාර්තාවට අනුව ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද 2013=100)1 වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින්‌ මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 අගෝස්තු මාසයේ පැවති සියයට 6.7හි සිට 2021 සැප්තැම්බර්‌ මාසයේ දී සියයට 6.2 දක්වා පහළ ගොස් තිබේ. 2021 සැප්තැම්බර්‌ මාසයේ පැවති ඉහළ පදනම්‌ අගය මගින්‌ ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා පූර්ණ වශයෙන්‌ හේතු වූ බව මහබැංකුව කියයි.

මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 අගෝස්තු මාසයේ දී පැවති සියයට11.1හි සිට 2021 සැප්තැම්බර්‌ මාසයේ දී සියයට 10.0 දක්වා පහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂමය උද්ධමනය 2021 සැප්නැම්බර්‌ මාසයේ පැවනි සියයට 3.0හි නොවෙනස්ව පැවතුණි.

වාර්ෂික සාමාන්‍ය පදනම මන මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි වෙනස, 2021 සැප්නැම්බර්‌ මාසයේ දී සියයට 5.5හි නොවෙනස්ව පැවතුණි.

2021 සැප්තැම්බර්‌ මාසයේ දී ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි මාසික වෙනසක් 0.25ක්‌ ලෙස වාර්තා වූ අතර, ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ ඉහළ යෑම්‌ මේ සදහා හේතු වූ බව මහබැංකු වාර්තාවේ දැක්වේ.

තවද, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මන මූලික උද්ධමනය 2021 අගෝස්තු මාසයේ දී පැවති සියයට 4.7හි සිට 2021 සැප්නැම්බර්‌ මාසයේ දී සියයට 4.8 දක්වා ඉහළ ගිය අතර, වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය 2021 සැප්තැම්බර්‌ මාසයේ දී අඛණ්ඩව සයවන වරටත් සියයට 4.4හි නොවෙණස්ව පැවතුණි.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්