නවතම පුවත්

සැමියා බිය කරන්නට , කාන්තාවන් 20 දෙනෙකු ගිනිතියාගෙන !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සිරුරට ගිනි තබා ගත් කාන්තාවන් විසි දෙනකු මේ වසර තුළ ජාතික රෝහලේ දී මිය ගොස් ඇතැයි කොළඹ නාගරික අතිරේක හදිසි මරණ පරික්ෂක ඉරේෂා සමරවීර මහත්මිය පැවැසුවාය.

මොවුන් අතරින් 19 දෙනකුට අවුරුදු 20 – 30 අතර විවාහක කාන්තාවන් යැයි ද ඇය කීවාය.

ඔවුන් අතරින් සියයට 99 ක්ම සිරුරට ගිනි තියාගෙන ඇත්තේ ස්වාමි පුරුෂයා බිය කිරීමට බවත් සියදිවි නසා ගන්නා අදහසක් තිබී නැති බවත් ඔවුන්ගේ මරණ පිළිබඳ කළ පශ්චාත් මරණ පරික්ෂණවල දී අනාවරණය වී යැයි කී සමරවීර මහත්මිය, මේ සියලු දෙනා ගිනි තබා ගත් මොහොතේ සිට බේරාගන්නැයි අන් අයගෙන් ඉල්ලා ඇති බව ද අනාවරණය වූ බව කීවාය.

සියයට පණහ ඉක්මවා පිලිස්සුම් තුවාල ඇති රෝගින් බේරාගැනීමේ අවදානමක් ඇති බවත්, මේ සියලු දෙනා මිය යන මොහොත තෙක් ඉතා හොඳ සිහි කල්පනාවෙන් සිට ඇති බවත් ඇය පැවැසුවාය.

සාමාන්‍යයෙන් ශරීරයට ගිනි ඇවිළුණු විට ගින්න නිවා දැමීම අපහසු වන්නේ සමට යටින් ඇති තෙල් තට්ටුව ගින්නට හොඳ උත්ප්‍රේරකයක් වන බැවින් යැයි කී මරණ පරික්ෂකවරිය දර කැබැල්ලකට වඩා ඉක්මණින් ඇවිලෙන්නේ ඒ නිසා යැයි ද පෙන්වා දුන්නාය.

මේ නිසා අනුන් බිය කිරීමේ අරමුණි්න් හෝ ගිනිතබා ගැනීමක් කරන්නට තබා සිතන්නට වත් සුදුසු නැතැයි ද ඇය සඳහන් කළාය.

 

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා