සෑම දිස්ත්‍රික්කයකටම අංග සම්පූර්ණ රජයේ රෝහලක්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම මධ්‍යම රජයට අයත් අංග සම්පුර්ණ රෝහලක් පිහිටුවීමට රජය සැලසුම් කර ඇත., කොළඹ, කරාපිටිය හා මහනුවර ඇතුළු රෝහල් කිහිපයක පවතින තදබදය අවම කර ජනතාවට තමන් පදිංචි දිස්ත්‍රික්යේදීම අවශ්‍ය ප්‍රතිකාර සේවා පුළුල් කිරීම මෙහි අරමුණ බව සෞඛ්‍ය අමාත්යාංශය සඳහන් කර සිටී .මේ අනුව ආරම්භයක් ලෙස මාතලේ, කිලිනොච්චි, මුලතිව්, මන්නාරම හා වව්නියාව යන දිස්ත්‍රික්කවල මධ්‍යම රජයට අයත් රෝහල් ආරම්භාකිරීමටද අමාත්‍යාංශය සැලසුම් කර ඇත..නව වැඩපිළිවෙළ යටතේ දිස්ත්‍රික්කය තුළ මධ්‍යම රාජයට පවරා ගත් රෝහල් සංවර්ධනය කර ජනතාවට පහසුකම් ලබා දීමට නියමිතව ඇත..