නවතම පුවත්

සෑම පොහෝ දිනකම මෙරට විශේෂ ආගමික වැඩසටහනක් ඉන්දු මහකොමසාරිස් කාර්‍යාලයෙන්

අසංක

අසංක

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සංස්කෘතික හා සමාජයීය සබඳතාව වර්ධනය කිරීමේ අරමුණින් , සෑම පොහෝ දිනකම , විශේෂ ආගමික වැඩසටහනක් පැවැත්වීමට මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සැලසුම් කර ඇත .

මෙරට ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානය සමග එකාබද්ධව මෙම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටද සැලසුම් කර ඇත.

මෙම වැඩසටහන් මාලාව යටතේ , ඇසල පොහොය නොමිති කරගනිමින් අන්තර්ජාලය හරහා ඒකාබද්ධ බෞද්ධ සමුළුවක් පැවැත්වීමටද කටයුතු යොදා ඇති අතර “ලෝකයේ යහපැවැත්ම උදෙසා බුදුදහම” යන තේමාව ඔස්සේ මෙම සමුළුව පැවැත්වේ.

මෙරට වේලාවෙන් අද පස්වරු 5 00 ට මෙම සමුළුව ආරම්භවන අතර ශ්‍රී ලංකාවේ මෙන්ම ඉන්දියාවේද , ගිහි පැවිදි විද්වතුන් , පිරිසක් මේ සඳහා සම්පත් දායකයින් ලෙස එක්වන බව ඉන්දීය සංස්කෘතික කේන්ද්‍රයේ අධ්‍යක්ෂ අචාර්ය රෙවන්ට් වික්‍රම් සිං මහතා අප වෙබ් අඩවියට පැවසීය

ශ්‍රී ලංකාව වෙනුවෙන් කැලණිය විස්වාවිද්යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ ප්‍රධානී පූජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද හිමි , කලාශූරී අචාර්ය ප්‍රණීත් අභයසුන්දර මහතා , මහාචාර්ය සමන්ත ඉලංගකෝන් මහතා ඇතුළු විද්වතුන් පිරිසක් ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙම සමුළුවේදී අදහස් දැක්වීමට නියමිතය .

එසේම ඉන්දියාව වෙනුවෙන් නාලන්දා මහාවිහාර විශ්වවිද්‍යාලයේ උපකුලපති අචාර්ය බෛද්‍යනාත් ලාබ් මහතා , බරණැස් බෞද්ධ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය බිමලේන්ද්‍ර කුමාර් කල්කටා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සස්වතී මට්සුඩී මහත්මිය ඇතුළු මීට එක්වේ.

www.facebook/ICCRSriLanka යන වෙබ් ලිපිනය ඔස්සේ මෙම සමුළුව හා එක්විය හැක .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්